(යොහාන් භාසුර)
බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට අවසර දුන් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවත් සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති බවත් එම නිලධාරියා කීය.
ඩෙංගු සහ කොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කළාය.
සමස්ත ශ්‍රී ලංකාවේ මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විදිහකින් හරි වළක්වාගත හැකි ලෙඩරෝගවලින් වැළකිලා ඉන්න පුළුවන් නම් කාටකාටත් හොඳයි.
ප්‍රායෝගික අදහස් නැති සීතා නෝනා වැනි අය නිසා රටට වෙන හානිය ඩෙංගුවලින් වෙන හානියට වඩා දහස් ගුණයකින් ඉහළයි.
ඉස්කෝලෙ වෙලාවට වඩා හවස තියෙන උපකාරක පන්තිවල තමයි දරුවන් මදුරුවෝ කන්නේ... සමහර ගුරුවරුන් ඒ ගැන තැකීමක් නෑ...
අනේ සීතා තාමත් ජීවතුන් අතර ඉන්නවද? නන්දසේන ගියාවගේ යනඑන මන් නැතිවෙලා ගියාද?
ඕක තීරණය කල අය හිතන්නේ පංති කාමරත් ඒ ගොල්ලන්ගෙ ඔෆිස් වගේ ඒසී කරලා ඇති කියලා.
මදුරු දැල ගානේ දුන්නා නම් මීට වඩා හොඳයි... හරියට එදා වේලවත් පිරිමහගන්න බැරුව ඉන්න අයට රෙදි අරන් මොනවා කරන්නද?
ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට යමක් කරන්න බැරිද .දූමායනය වගේ දේවල් කිරීම අපහසු නම් කොළොම්පුරේ අහසින් ගොස් රසායනික ද්‍රව්‍ය විසුරුවා හැරීමට උත්සාහ කලොත් හොදයි කියලා හිතෙනවා