( ෂේන් සෙනෙවිරත්න,ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
ශ්‍රී දළදා මාලිගාවේ දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ මහනුවර මහ නගර සභාවට අයත් කසල ලොරියක තිබීටී 56 ගිනි අවි සඳහා යොදන හිස්පතුරම් කොපු32ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ශ්‍රී දළදා මාලිගාවේ කසල ගෙනයාම සඳහා රජ වීදිය පොලිස් මුර කපොල්ලෙන් ඊයේ (18)සවස එම කසළ ලොරිය දැඩි ආරක්ෂක කලාපයට පිවිසීමට සැරසෙද්දී එහි ආරක්ෂක නිලධාරීන් විසින් එම කසල ලොරිය පරීක්ෂාකර ඇත.
සෝදිසි කිරීමේදී එම රියේ පැත්තක එල්ලා තිබූ පොහොර උරයක් තුළතිබී මෙම හිස් පතුරම්කොපු තොගය හමුව තිබේ.
කසල රථයේ රියදුරු සහ රිය සහයක පවසා ඇත්තේ නගරයේ යුද හමුදා කඳවුරේ කසල එකතු කිරීමේදී මෙම හිස් පතුරම් කොපුතිබෙන්නට ඇති බවයි .
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කසල ලොරියේ රියදුරු සහ රිය සහයක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනාධීරමහතා විසින් එම හිස් පතුරම් තොගය සහ සැකකරුවන් දෙදෙනාවැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර මූලස්ථාන පොලීසියට බාර භාරදී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ නාට්‍යම අලුත් නළුවොයි එක්ක.කොහොමත් ඉස්සරහට රට බේරාගන්න අන්තිම අවස්තාව වෙනකම් ඕක ගෙනියනවා
මොන විහිළුවක් ද මේ?? කසල විදියට එකතු කරන් යන දේවල් වල හිස් පතොරම් කොපු තිබ්බම ඒ කසල ලොරියෙ සේවකයො අත් අඩංගුවට ගන්නෙ ඇයි?? දෙනෝ දාහක් බලන් ඉද්දි පාතාලයේ මැරයන් මිනිස්සු මරද්දි ඔය ආරක්ෂක අංශ නිදිද?