(මහින්ද නිස්සංක)
ලොතරැයි පතක මිල රුපියල් 40ක් කිරීමට විරෝධය දැක්වීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතෙන් සහ අලෙවි සහයකවරුන් ලබන 06 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.
ලොතරැයි පතක මිල රුපියල් 40 කිරීමත් සමගින් අලෙවි නියෝජිතයන්ට දැනට ලබාදෙන කොමිස් මුදල රුපියල් 8 දක්වා ද අලෙවි සහයකයන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීම සහ ලොතරැයි මිලදී ගන්නා ජනතාව සඳහා තෑගි ප්‍රමාණය වැඩි කිරීමත් අනෙකුත් ඉල්ලීම් අතර වේ.
ලොතරැයි අලවියෙන් ඉවත්වීම සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයට සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පාලනාධිකාරියට දැනුම් දී ඇති බවත් ලබන 6 වැනිදාට පෙර තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබිය යුතු බවත් සභාපතිවරයා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොමිස් වැඩි නොකළොත් ලොතරැයි වෙළෙන්දෝ වර්ජනයක
de silva Monday, 19 June 2023 04:48 PM
අපි ඕවා නොගෙන හිටියාම ප්‍රශ්නය නිකන්ම විසඳෙනවා...
යෝගා Monday, 19 June 2023 05:01 PM
අනේ හොඳයි දිගටම වර්ජනය කරන්න. ලොතරැයි ගන්නේ වැඩි හරියක් දුප්පතුන්. ඔවුන්ගේ අතේ කීයක් හරි ඉතුරු වෙයි
Hafeel Monday, 19 June 2023 05:22 PM
අයියෝ එක ලොකු දෙයක්ද? නිමල් සිරිපාලගෙන් ඇහුවොත් කියාවි කොහොමද කොමිස් වැඩි කරගන්න පුළුවන් කියල.
Jagath Wickramasekara Monday, 19 June 2023 08:19 PM
එය මිලදී ගන්න එපා
de silva Monday, 19 June 2023 08:50 PM
මුස්ලිම් ආගමෙත් බුදු දහමේත් කියලා තිබෙනවා සූදු වල යෙදෙන්න එපා කියලා.ඕකත් සූදුවක්
Saththaya Tuesday, 20 June 2023 06:34 AM
වර්ජන කෙසේ වෙතත් ඇදෙන්නේ නැති ලොතරියක් රුපියල් 40 ක් දීල ජනතාව මිලදී ගනිය්ද. කාගේද මේ උපදෙස් ?