(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා විසින් මෙම කාරණය කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරයි. මෙම දළඹු හානිය මුළුමනින්ම පාලනය කළ හැකි බැවින් කෘෂිකර්ම නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ද ඔහු සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වී වගාවේ දළඹුවා පාලනය කළා
Ruwan Monday, 19 June 2023 07:05 AM
දිඹුලාගල පැත්තේ ගිහින් ගොවියන්ගෙන් ඇහුවා නම් හරියටම දැනගන්න තිබ්බ පාලනය කරලා තියෙන හැටි... මීඩියා ඉස්සරහ ගහන කයිවාරු විතරයි මේ අයගේ...
Bunny Preena Monday, 19 June 2023 09:57 AM
බොහොම සතුටුදායක පුවතක්