(අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මෙරට දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම ඉතා සංවේදී කාරණයක් වන නිසා රජය මේ සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය පද්ධතියට සෘණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට සහ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට අවශ්‍ය වඩාත් හොඳ ප්‍රශස්තකරණයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවත් ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (19) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ෂෙහාන් සේමසිංහ මහතා එම අදහස් පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේමසිංහ ඇල්ටෝ එකක වැඩට පලයන්කෝ තෙලුත් ඉතුරුයි ...