(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකම වාට්ටුවක සේවයේ නියුතු සාත්තු සේවකයකු හා සාත්තු සේවිකාවක අතර සිදුවු බහින් බස්විමක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම ප්‍රතිකාර සදහා රෝහල් ගතවි ඇතැයි රෝහල් පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගතව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හතේ වාට්ටුවේ සේවයේ දෙදෙනෙකි.
සාත්තු සේවකයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකළොස් වැනි වාට්ටුවේද සාත්තු සේවිකාව හතළිස් වැනි වාට්ටුවටද ඇතුලත්ව සිටිති.
මෙම සාත්තු සේවිකාව සහ සාත්තු සේවකයා අද (20)දින හතේ වාට්ටුවේ සුළු සේවකයන් සදහා වෙන්කර ඇති කාමරයේදි උදැසන ආහාර ගනිමින් සිටියදි රාජකාරි ප්‍රශ්නයක් මුල්කර ගනිමින් සිදුවු බහින් බස්විමකින් පසුව එය ගුටි හුවමාරැවක් බවට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් දෙදෙනා එකිනෙකාට විරැද්ධව පහර දුන් බව පවසමින් රෝහල් ගතව සිටිති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවිර මහතා ගෙන් සිදුකළ විමසුමේදි අධ්‍යක්ෂකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් මුලික විමර්ෂණයක් සිදුකිරිමෙන් පසුව ඔවුනට විරැද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ දොස්තරලා ගුටි ඇනගත්ත, අද සාත්තු සේවකයන්, හෙට ලෙඩ්ඩුත් මරා ගනියි වගේ. අනුරාධපුර රෝහලේ සෙට් එකට අමු කැවිල වත්ද ?