(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු මර්දනය සඳහා බඳවා ගෙන සිටින ශ්‍රමිකයන්ගේ සේවය වහා ස්ථිර කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඩෙංගු නැවතත් බරපතළ වසංගතයක් බවට පත්ව තිබෙන බවද ඩෙංගු මර්දන කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් මෙම පිරිසගේ රැකියා ස්ථිර කරන්නැයිද ප්‍රේමදස මහතා කීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:- විපක්ෂ නායක තුමා සමඟ මම 100% ක් එකඟයි. මොවුන් 2016 වසරේ දී බඳවා ගත්ත පිරිසක්. මේ අයට මූලික සුදුසුකම් කිසිවක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට වසර අටක් වැඩ කර තිබෙනවා. ශ්‍රම බලකායට රැකියා දෙනවා නම් මොවුන් ද ස්ථිර කළ යුතු බවට කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ට ගෙවන්නේ දවසට රුපියල් හත්සියයි. ඔවුන් ඉන්න එකත් පුදුමයි.නැවත වතාවක් ඔවුන් ස්ථිර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සජිත්ගෙ කතාවට කෙහෙළිය එකඟ වෙයි
අමිල. සම්පත් Tuesday, 20 June 2023 02:28 PM
හොදයි
Bamunuarachchi Tuesday, 20 June 2023 08:54 PM
උස නම් ඩෙංගු සිකියුරිටි කොට නම් ඩෙංගු මර්දනයට බඳවා ගමු. හැබැයි පක්ෂ සමිතියේ ලියුම අනිවාර්යෙන්ම ඕනේ.