(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ සැකකරු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.
සැකකරුගේ වංචාවට පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් හසුව ඇති බව පොලිසිය කියයි.
කැනඩාව නෙදර්ලන්තය ස්විස්ටර්ලන්තය ආදී රටවල රැකියා ලබාදෙන බව පවසා තමන්ගෙන් රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා මුදල් ප්‍රමාණයන් පුද්ගලයකු විසින් ලබාගෙන වසර එකහමාරක් තිස්සේ විවිධ කරුණු කියමින් මග හැර සිටින බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා හමුවී කරුණු කියා පෑමෙන් අනතුරුව පැමිණිලි සටහන්කර විමර්ශන ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
ඒ අනුව සැකකරුට විරුද්ධව මිරිහාන මූලස්ථාන පොලිසියට පමණක් පැමිණිලි පහළොවක් ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඊට අමතරව සැකකරු මේ ආකාරයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් රවටා සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන් දිවයිනේ පොලිසි රැසකට පැමිණිලි තිහකට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියකු පැවැසීය.
කෝටි දහයකට අධික මුදල් වංචා වේ සැකකරු කෝට්ටේ මාදිවෙල නිවසේ සිටින බවට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් කණ්ඩායමක් සමඟ ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රට රැකියා දෙනවා කියා කෝටි 10 ක් වංචා කරලා