IMG-LOGO

අලුත් පොලිස්පති ලබන සතියේ

(සුජිත් හේවාජුලිගේ)

නව පොලිස්පතිවරයා  ලබන සතියේදී පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි  මාර්ගවලින් පැවසේ.

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ  සේවා කාලය ලබන (26) වැනිදායින්  අවසන්වීමට නියමිතය.

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය   ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේය.

මීළඟ පොලිස්පති ධුරය සඳහා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන  දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ  නම් යෝජනාවී ඇති අතර පොලිස්පති ධූරයට  පත් කෙරෙන නිලධාරියා කවුදැයි තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැත.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පොලිස්පති ධූරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු ඔහු සමග සාකච්ඡා කර
තීරණයක් ගන්නා බවයි.

පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කරන  නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරනු  ලැබිය යුතු වෙයි.

වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ශ්‍රීලංකාවේ 35 වැනිපොලිස්පතිවරයාය. ඔහු එම ධුරයට පත් කෙරුණේ 2020 නොවැම්බර් මස 27 වැනිදාය.



අදහස් (6)

අලුත් පොලිස්පති ලබන සතියේ

Samitha S. Aluthgamage. Tuesday, 20 June 2023 12:52 PM

අද පොලීසියේ අතලොස්සක් නිලධාරීන් හැරෙන්නට බොහෝ දෙනාගේ විනය පිරිහිලා.පොලිස් සැරයන් විමල් ජයසේකර නැමැති දක්ෂ එමෙන්ම උගත් චතුරව ඉංග්‍රීසි භාෂාව කථාකරන අවංක පොලිස් නිලධාරියෙකු තමන්ට පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර ඉහළ නිලධාරීන්ගෙන් සිදුවූ බලවත් අසාධාරණයක් ගැන යූටියුබ් එකේ වීඩියෝවක් ප්‍රචාරය කොට තිබෙනවා.නව පොලිස්පතිවරයා හෝ ඔහුට සාධාරණයක් ඉෂ්ට කරන්න.

:       0       12

C.K.Lankaputhra Tuesday, 20 June 2023 01:00 PM

අලුතින් පත් කරන කෙනා මත තමයි ජනාධිපති මැමැතිවරණයේදී අපේ කතිරය තීරනය කරනු ලබන්නේ.

:       0       6

fairoos Tuesday, 20 June 2023 01:05 PM

ලෝක පූජිත නම් එපා

:       0       6

Dharmatileke Tuesday, 20 June 2023 01:16 PM

අජිත් රෝහණ මේ තනතුරට සුදුසුම නිලධාරිය.

:       6       9

andare Tuesday, 20 June 2023 02:16 PM

ඔතන අන්තිමට නම කියවෙන කෙනාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ තවත් පස්හය දෙනෙකුම ඉන්නවා. කවුද එතකොට මේ නම් යෝජනා කළේ? ජනාධිපතිතුමා සමහරවිට ඔතැන නම කියවෙලා නැති කෙනෙකුව පත්කරයිද දන්නෙත් නැහැ...

:       0       0

swene Tuesday, 20 June 2023 05:12 PM

දක්ෂ, අවංක සහ ඉහල කැපකිරීම් සහිත අය ඔය අතරේ ඉන්නවද ? සාපේක්ෂව වැරදි අඩු අයෙක්ද තෝරන්නට සිද්ද වෙන්නේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 468 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 633 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site