(යොහාන් භාසුර)
ජනවාරි මස විදුලි ගාස්තු සංශෝධනයේදී ජූලි මස සහනයට වඩා වැඩි සහනක් දෙන බවත් ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයේදී පහළම කාණ්ඩවලට සියයට 27 කින් ගාස්තුව අඩු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනා නොවැම්බර් මස භාරදෙන බවත් තවත් පියවරක් ඉදිරියට තබා ස්ථාවර කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ජනවාරි මස ජූලි සහනයට වඩා වැඩි සහනක් දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයේදී යම්කිසි ප්‍රමාණයක් අඩු වන බව කී අමාත්‍යවරයා පැවසුවේ එහිදී අවම මට්ටමේ විදුලි පාවිච්චි කරන ඒකක 0 සිට 30, ඒකක 31 සිට 60 සහ ඒකක 61 සිට 90 දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව සියයට 27 කින් අඩු කිරීමමට යෝජනා කර ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි ගාස්තු, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ගේ, 300% ක් වැඩිකරලා එය 30% කින් අඩුකළාම සැබෑම ගාස්තු අඩුවීමක් තමයි. රට කෑ අයගේ කාලකණ්ණි කතාවල් තමයි.
ඒකනෙ අර ජනක කිව්ව දේ හරිනෙ. පහුගිය කාලෙ වැඩි කරේ ජනකව එලවන්නම තමයි...
තමුන් මොන පදනමින්ද මාස 6 එහා ගැන අනාවැකි කියන්නේ? විද්‍යාත්මක පසුබිම කුමක්ද? මාස 6 කට පස්සේ ඉන්ධන මිල ගැන මොනවද කියන්න පුලවන් අනාවැකි? පැහැදිලි කිරන්න.