(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය.
සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
මෙම දුරකතනය සහ සිම්කාඩ් පත මරණකරුගේ පවුලේ ඥාතීන්ට ලබා දුන්පසු ඔවුන් එම දුරකතනයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී එහි ඇති දත්ත මැකී යා හැකි බවටත්, එම දුරකතනය සහ සිම්කාඩ් පත සම්බන්ධ පරික්ෂණ මෙතෙක් අවසන්ව නොමැති බවටත් රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ සදහන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ නඩුව ලබන 28 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු භාණ්ඩ... විනාශ වී යනකම් අත්අඩංගුවේ. රටට විශාල පාඩුවක්... උසාවිවල ගාල්කර තිබෙන වාහන වලට වෙනදේ දකින විට දුකයි. බොහෝ කොටස් හොරු ගලවල..ඉතිරිය...දිරල විනාශ වෙනව...
ප්‍රතිපල නැති ලංකාවේ නඩු
සියලුම දේ නැසෙන සුළුය