
(උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට පහරදී ඔහු සතුව තිබූ ජංගම දුරකතනයට අනර්ථයක් සිදු කර තර්ජනය කර බිය ගැන්වී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර ශික්ෂණ රොහලේම සේවය කරන ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයකු රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළේය.
සැකකරු යළි ලබන නොවැම්බර් මස 27 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර විශේෂඥ වෛද්‍යවරයාට තවදුරටත් නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වන මහනුවර හීරුස්සගලෙ සේනාධීර පතිරැන්නැහැලාගේ සුනිල් ශාන්ත සේනාධීර නැමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ වත්තේ දෙනිය අයිනෙම අලුතින් හදපු ගෙදර ඇත්තන්ගේ වැඩ මෙහෙමයි කියලා ඔප්පු කරපු අවස්තාවක් පමණයි
දෙන්නාම එක මලකට ආකර්ෂණය වෙලාද?
දොස්තර මහතෙකුගේ ඉවසීම කියන ගුණය තිබිය යුතුය
පලංචියේ ලී ඉරුවේ අපි එකට……