(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙරට ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේ දී සියයට 13 කින් වැඩි වී ඇතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට තදින් බලපාන බැවින් ඒ සම්බන්ධව ඇහැක් ඇර බලන්නැයි ඉල්ලා සිටින බවද නානායක්කාර මහතා කීය.

"අපි අයවැය බජට් ඔෆිස් ගැන කතා කරමින් ඉන්නවා.අනෙක් පැත්තෙන් ඒඩ්ස් වැඩි වෙලා යැයිද වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් වාසුදේව නානායක්කාර මහතා මේ බව කීය.