(නිමන්ති රණසිංහ)
කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් මෙම සැකකරු පැමිණීලිකරුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් පැමිණීලිකරු අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව මෙම සැකකරු අද (20) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ඒකක 07 වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහනුවර පදිංචි ජයන්ත මුණවීර යන අය විසිනි.
කොළඹ වංචි විමර්ශන කාර්යාංශයේ ඒකක 07හි අධිකරණ අංශයේ උප පොලිස් පරීක්ෂක දිසානායක සහ පොලිස් සැරයන් (69043) ඉහළගෙදර යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කරුණු දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඔයාගේ ඇඳුම්...?
තමන්ගේ නායකයා වගේම වැඩ...
ගුරයි ගොලයෝයි ඔක්කොම් හොරු. නමේ අවුලක්ද මන්දා?
අපිට ඕනේ ආණ්ඩුවක් - මහින්දගේ ආණ්ඩුවක්//
මාව ගෙදර ගිහින් දාන්න අයියෝ..
මෙයා වාසුදේව ගොට්ටෙක් නේද? එයත් ගෑවිලද?
පොහොට්ටුවේ හොරුම තමා ඔක්කොම
මම යන්නේ මොන පාරේ මගෙ නායකයන් යන පාරේ
මහ කකුළුවා යන පාරේ තමයි පොඩි කකුළුවෝ යන්නේ. මෙයත් මහින්ද නේ
හවස් වෙනකොට ඇප ලැබිල අති..මෙයාව බේර වැවේ නාවල මඩි
ලොක්කා හිටියා නම් ගොඩේ ගොඩ. ඒත් තාම රූකඩය නටවන්නේ ලොක්කාම තමයි. සුබ අනාගතයක්...
පේමන්ට් හිඟන්නෝ පාර්ලිමේන්තු යැව්වාම වෙන දේවල්...
අනේ මාව පාර්ලිමේන්තු ගිහින් දාන්න අයියෝ...!