(ඉන්දිකා රාමනායක)
මෙරට ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට පත් වූ සියලු හමුදා සාමාජිකයන්ට සහනයක් ලෙස ඔවුන්ගේ සලාක මුදල රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ නංවා ඇති බව යුද හමුදාව පවසයි.
මේ සම්බන්ධයෙන් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කළ ඉල්ලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය.
ඒ අනුව සක්‍රිය සේවයේ නිරත සියලු යුද හමුදා සාමාජිකයන්ගේ මාසික සලාක දීමනාව 2023 අප්‍රේල් මාසයේ සිට ඉහල නැංවුණු අතර එය මැයි මාසයේ සිට සියලුම යුද හමුදා සාමාජිකයන්ගේ වැටුපට එකතු කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට බැරැක්ක පුරවල ඉන්න අයට විතරද බඩගින්න....සාමාන්‍ය ජනතාවට බදු ගෙවන්නන්ට නැති බඩගින්නක් හමුදාවට තියෙනවද?
මේ නිව්ස් එක මේ විදියට නිවැරැදි වෙන්න ඕන. මීට පෙර සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේගේ සලාක දීමනාව 650 පමන උනා. මේ මුදල වැටුපට එකතු වන්නෙ ඔවුන කදවුරෙන් ආහාර නොගෙන පිටතින් ගත් විට පමනයි. උතුරු නැගෙනහිර ආදී ප්‍රදේශවල මෙය ලැබෙන්නේ නෑ. ඔවුන්ට නිවාඩු ගිය විට පමනක් අදාල දින ගනනට මෙය එකතු වෙනව. සමහර හමුදා සාමාජිකයින් මාස දෙක තුන නිවාඩු යාමට නොහැකිව සිටිනවා. එවිට ඔවුන්ට සතයක්වත් ආහාර දීමනාව ලැබෙන්නෙ නෑ. මෙම වැඩිවූ 10000ක මුදල බොහෝවිට ලැබෙන්නේ කොළඹ අවට හමුදා සාමාජිකයින්ට පමනයි
ඊඩි අමීන් තියරිය...