(අංජුල මහික වීරරත්න)
රනිල්ට උස් හඬින් කතා කරන්නට ලෝකයේ කිසිම නායකයකු නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාට ලෝක නායකයින්ගෙන් විශාල පිළිගැනීමක් සහ ගෞරවයක් තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඒ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා බවද ඇමරිකාවේ ජනාධිපති ,එංගලන්තයේ අගමැති ඇතුළු සෑම කෙනෙක්ටම වඩා රනිල් වික්‍රමසිංහගේ පලපුරුද්ද, අත්දැකීම් විශාල බව සඳහන් කළේය.
ඉතිහාසය පුරාම ආර්ථික වශයෙන් වැටෙන සෑම අවස්ථාවකම රට නැවත නගා සිටුවන අභියෝගය බාරගැනීමට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් එතුමා මේ මොහොතේත් වැටුණු රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් නොකර ඒ සඳහා සියලුදෙනාම සහයෝගය ලබාදිය යුතු බව එජාප සභාපතිවරයා කීය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ බලපිටිය සහ රජ්ගම මැතිවරණ කොට්ඨාශවල එජාප බලමණ්ඩල රැස්වීම් අමතමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා බලයට ඇවිත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනියන සෑම අවස්ථාවකම කකුලෙන් ඇද්ද බවද අවසානේදී එයින් වන්දි ගෙවන්න වුණේ රටේ මහජනතාවට බවත් අබෙිවර්ධන මහතා පැවසීය.
මෙි වනවිට එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් පවත්වමින් පක්ෂය ප්‍රතිසංස්කරණය කරමින් යන බවද ඉන් අනතුරුව පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයේ ව්‍යවස්ථාව නව ලෝකයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙන බවද කී එජාප සභාපතිවරයා පැරණි දේශපාලන සංස්කෘතියෙන් රට තවදුරටත් ඉදිරියට ගෙනියන්න නොහැකි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුට හොදටම පිස්සු ....
ඇයි රටේ ජනතාව? අපිට රනිල් ලොකුත් නැහැ වජිර ලොකුත් නැහැ. අපිට මොන කෙහෙල්මලකටද ඕගොල්ලෝ. විකාර දොඩෝනවා.
පුළුවන් නම් රටවලින් ගත්ත ණය ගෙවන ගමන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කියන්න කෝ. දැන් රට තියෙන්නේ අපායේ Interval වගේ. සියලුම ණය ගෙවීම් නවත්වලා නිසා වැඩ දානවා.
මේවට කොහෙන් හිනාවෙන්නද කියලා තේරෙන් නෑ
ලොවක් අදහන මෙවන් ශ්‍රේෂ්ඨ නායකයකු ලද ශ්‍රී ලන්කා මාතාව කොපමන වාසනවන්ත ද?
රට හොඳට තියෙද්දී බලයට එන්න බැරි උනා .පූරුවේ කරුමයක් පලදීලා.රට වැටිලා මඩේ එරුනම ඒකට කරගහන්න උන පූරුවේ කර්මයක් පලදීලා.පින් කරපු උදවිය රට ශශ්‍රීකව තියෙද්දී ඒ ධනය භුක්ති විඳලා අද පැත්තකට වෙලා බලන් ඉන්නවා ආයෙත් රට ගොඩ අරන් එයාලට භාර දෙනකල්
අපි නම් අහලා තියෙන්නේ රනිල් මහින්දගේ බොක්කය, එයාලා එයාලාගෙ පංතිය පරිස්සම් කර ගන්න ගේම් ගහනවා කියාය.
ඇමරිකාවේ ජනාධිපති ,එංගලන්තයේ අගමැති ඇතුළු සෑම කෙනෙක්ටම වඩා රනිල් වික්‍රමසිංහගේ පලපුරුද්ද, අත්දැකීම් විශාල බව නිසා තමයි හැමදාම පරාද උනේ.
ඔය ගොන් ටෝක්ස් හොදයි බල මන්ඩල ගව පට්ටි වලට. චන්දෙ ආවම කතිරය ගහන්නෙ සුදුස්සාට මිසක් ඔය ගොන් ටෝක්ස් වලට නෙවෙයි .
යැයි යැයි යැයි තමයි...ලොක්කගෙ පම්පෝරිය කියවන්න විතරයි මේ උන්දැලට පුළුවන් .ඡන්දෙන් මේ අයව පරාද කරල ගෙදර යැව්වෙ මිනිස්සුන්ට කරපු දේවල් වල තරම නිසා තමයි.දැන් පිනට පාර්ලිමේන්තුවට රිංගන් බෙරිහන් දෙනවා
අමු කැවිලාද? කිව්වොත් ඉතින් අයේ අමු ගව කතාවක් තමයි.
මෙ දෙන්නගෙම මනාප එකතුකරත් පර්මේන්තු යන්න බැහැ , පොහොට්ටුවට පින්සිද්ධ වෙන්න මුන්ට මෙ විකාර කතා කිය කිය ගොන් ආතල් ගන්න පුලුවන්
දී කිරට බළල්ලුත් සාක්ෂිලු
හිඟන්නන්ට සහ ජෝකර් ලට උස් හඬින් කතා කිරීම ලෝක නායකයින්ට තරම් නොවේ.එයයි හේතුව