
(සුමිත් පොතුපිටිය)
යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීතදොල ප්රදේශයේ පදිංචි 41 සහ 21 හැව්රිදි පුද්ගලයන් දෙදෙනකු බවත් ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බවත් පොලිසිය කීය.
සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, අඩි පහක් පමණ දිග ගිනි අවියක් , ටී 56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්රයින්ඩර් දෙකක් සහ ග්රිල් එකක් සොයාගත් බව පොලිසිය කීය.
සැකකරුවන් මෙම ගිනිඅවි භාවිතා කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙදෙනා කර ඇත්තේ නීතියෙන් ගැලවීමට බැරි දරුණු වරදක් .ඒත් මොවුන්ගේ දක්ෂ කමින් ප්රයෝජනයක් ගත හැකිනම් රටට විශාල සහනයක් වේවි
අම්මෝ.පොලිසිය පුදුම වීරක්රියාවක් කරල වගේ ඉන්නෙ..ලැජ්ජයි.
දැන් සමහරු මේ දෙන්නා නව නිපැයුම් සොයා ගත්ත තත්වය දෙදෙනෙකු ලෙස සලකලා කමෙන්ට් කරාවි .නමුත් මුලින්ම කියන්න ඕනේ මේක නීති විරෝධී වැඩක් බව .අද යූ ටියුබ් එක බලලා යකඩ වැඩ ගැන සාමානය දැනුමක් ඇති ඕනෙම වෑල්ඩින් බාස් කෙනෙකුට ගිනි අවි නිපදවන්න පුළුවන් .මේක විෂම කර්ම වැඩක් නොවේ
මේ අයට බැබලෙන්න අවස්ථාවක් දෙමු!!!
අති දක්ෂ අය. ඔවුන්ට උදව්ව දීල වැඩ ගන්න. හිරේ දාන්නේ ඇයි.. ආයුධ අලුත්වැඩියාව සඳහා සහ නව අවි නිපැයුම සඳහා යොදාගෙන වැඩ ගන්න...... රටේ අවාසනාව.නිර්මාණශීලිත්වයට තැන නෑ..
සද්ද නොකර වැඩේ කොරන්නේ නැතුව අඬබෙර ගගහ කොරන්න ගිහාම ඔහොම වෙනවා. එහෙම නැතිනම් පොලිස්සිය දැනගන්නේ කොහොමද? මේ වගේ වැඩකදී අම්මා තාත්තා වත් විස්වාස කරන්න එපා.
නිර්මානවලට අතීත දෙනවාය කියන්නෙ හම්බවෙන කොමිස් මුදලට තට්ටු වෙනවා කියන එකනෙ.