(නිමල කොඩිතුවක්කු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.
අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් ගෙන එනු ලබන සියලු යෝජනාවලට කොන්දේසි විරහිතව ඒකග වීමට ආණ්ඩුවට සිදුව ඇති බවත් පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනුව සිදුකල යුත්තේ විනිවිදභාවයකින් සහ රටට ජයග්‍රහණ අත්පත් කරගත හැකි වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරමින් පුවත් එය සිදුව නොමැති බවත් එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් සඳහන් කොට තිබේ.
රටට අහිතකර කොන්දේසි සමග ගිවිසුම අත්සන් කර තිබීම සහ ගිවිසුම රටට ඉදිරිපත් නොකිරීම ඇතුළු කරුණු පදනම් කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සජබ පාර්ලිමේන්තු කණ්ඩායම එහිදී ඒකමතිකව තීරණය කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
sjb විතරක් නෙමෙයි මුළු රටම එරෙහි වෙන්න ඕන.මේක ජනතාවට හොරෙන් ගහපු ගිවිසුමක් .කිසිම විනිවිදභාවයක් නෑ
හිරි ඔතප් පිළිබද නොදන්නා දේශපාලනය ලංකවෙන් තුරන් කරමු.
ගොන් පාට්
පාර්ලිමේන්තු ඡන්දයේදී පැනලා ගිහිල්ල දැන් රටට පොර කියලා පෙන්වන්න, අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහනවා වගේ ගොන් ජෝක්ස් දාන්නේ පුතාණෝගේ නඩය.
අපිටම ඕනේ විදිහට ගිවිසුම් වලට එකඟ වෙලා අපිට ණය දෙන ලෝකයක් නැහැ. ණය ඕනේ නම් ගෙවන්න බැරිඋනොත් අවාසි වෙන ගිවිසුම් වලට යන්න වෙනවා. ඒ නිසා බොරු ශෝබන දමන්නේ නැතුව ඉන්නවා හලෝ.