(එම්.සුසිල් පියන්ත)

කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේදී අද(21)උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජී නමැත්තගේ සමීපතයකු වන කොස්ගොඩ රන් මහත්තයා නමැත්තා බව ද පොලීසිය කියයි.

ඔහු සිය නිවසේ සිටින විටදී යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව ද පොලීසිය කියයි.

මෙය පාතාල කණ්ඩායම් දෙකක විරසකයක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලිසිය සැකකරයි.  

රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්තීවරයාට වෙඩි තැබීමේ පලිය ගැනීමට මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.