(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වැදගත් වන්නේ නීති රීති පැනවීම නොව නීති රීති  ක්‍රියාත්මක කිරීම බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් නිරෝෂන් පෙරේරා මහතා මේ බව කීය.

මෙරට  විවිධ කොමිෂන් සභා පිහිටවූ නමුත් ස්වාධීන කොමිෂන් වලට පත් කළ ඇතැම්  නිලධාරීන් ස්වාධීනව හැසිරුනේ නැතැයි ස්වාධීන කොමිෂන්  බෝඩ් ලෑලි වලට පමණක් සීමා වු බවද නිරෝෂන් පෙරේරා මහතා කීය.

අයවැය  කාර්යාලය යන සංකල්පය හොඳ වුණත් පාර්ලිමේන්තුවේ සිටින නායකයන් සහ දේශපාලන සංස්කෘතිය එම  කාර්යාලයේ ස්වාධීනත්වය යටපත් කිරීමට අනාගතයේ ක්‍රියාත්මක වේ දැයි  සැකයක් තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.