(ටී.කේ.ජී.කපිල)
දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යන තරුණයන් පිරිසක් ද රැගෙන ඉන්චියොන් බලා අද (20) රාත්රියේ පිටත්ව යාමට නියමිත ශ්රී ලන්කන් ගුවන් යානය මෙවර ද ප්රමාද වීමකට ලක් වී තිබීම නිසා ඔවුන්ගේ රැකියා අහිමි වී යාමේ අවදානමක් මතු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි .
දකුණු කොරියාවේ ඉන්චියොන් බලා අද රාත්රී 08.50 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා මෙසේ ප්රමාද වීමකට ලක් වී තිබේ .
මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 181 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිටි අතර , ඒ අතරින් එරට රැකියා සදහා පිටත්ව යන ශ්රී ලාංකික තරුණයන් 60 කට ආසන්න පිරිසක් ද සිට තිබේ .
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිස සියලු නිශ්කාශන කටයුතු ද නිමා කර තිබූ අතර , මේ වනවිට ඔවුන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
පසුගිය මාසයේදීත් මේ ආකාරයට මෙම ශ්රී ලන්කන් ගුවන් යානය ප්රමාද වීමකට ලක් වී තිබීම නිසා , එම ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිට සිටි තරුණයන්ගේ රැකියා අවදානමකට ලක් වී තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඔලට වෙන flights නැත්ද බං ඔය පතෝල මැස්සෙම එල්ලිලා යන්නේ.
රැකියා අවදානම නොව ජීවිත අවධානම ගැන කල්පනා කරලා මේකේ යන්න ඉස්සරවෙලා දෙවරක් කල්පනා කරලා බලන්න .පසුගිය මාස 3 ඇතුලත ශ්රී ලංකන් යන මම දන්නා තරමින් 7-8 වතාවක් කාර්මික දෝෂ නිසා ගුවන් ගමන් අවලංගු කල බව දුටුවා
මේ සිරි ලන්කන් එකෙන් රට යන උන්ට සෙතකුත් නැහැ. රටෙ ඉන්න එවුන්ට සෙතකුත් නැහැ. මෙය වහාම විකුනා හො වසා දැමිය යුතුය.
මේ ප්රමාධයන් පිටුපස යම් කුමන්ත්රණයක් තියෙන්න පුළුවන් .වගකිව යුත්තෝ මේ ගැන සොයා බලන්න ඕනේ
සෙනරත් මහත්මය මට පෙනෙන්නෙ මෙතන තිබෙන්නෙ කුමන්ත්රනයක් නොව ඉතා දුර්වල පරිපලනයක් , සමහර විට පාලකයො හෝ සේවකයො තුන්වෙනි පාර්ශවයකින් කොමිස් හෝ අල්ලස් ලබාගන්න හිතා මතාම කඩාකප්පල්කාරි වැඩ කරන්වද දන්නෙ නැහැ , මොනව වුනත් ජිවිත සහ පල අනතුරෙ ඩමමමින් , භන්ඩගරෙ මුදල් නාස්ති කරමින් මෙ විදිහට දිගටම කරගෙන යන්න බැහැ , රජය වහාම මෙ පිලිබඳව තීරනයක් ගන්න ඔනෙ.
මෙම ශ්රී ලන්කන් ගුවන් සේවය තවදුරටත් පවත්වාගෙන යාමේ තේරුමක් තිබේද යන්න නැවතත් සිතා බැලිය යුතුයි. කඩිනමින් ක්රියාමාර්ගයක් ගත යුතුයි...