
( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිටදී අද( 21) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා කොළඹ ලංකා රෝහලේ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු උදෑසන 8 ට පමණ කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි රුධිර පරීක්ෂණ ආයතනයෙන් දෛනික සේවය ආරම්භ කිරීමට පැමිණ සිටියදී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල කරුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුරදී අතරතුර දී මිය ගොස් ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වති
(ඡායාරූප: කේ. බුද්ධීක කුමාරසිරි)
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ වෙන්නේ ? දැන් දවසකට කි සැරයක් මෙහෙම් වෙඩි තැබීම් වෙනවද ? මේ රටේ ආරක්ෂාව බාරව ඉන්න උන් නිදිද ?
දැන් ලංකාව චිකාගෝ වලටත් වඩා අන්තයි
හොර පොල් ඇහිලූ එකෙක් නම් දනී පොලිසිය කරන දේ
ඇපි ගත කරපු ලමා කාලය බොහොම සුන්දරයි, බොහොදුරට සාමකාමියි. වර්ථමානයේ සිඩුවෙන දේවල් ගැන හිතනකොට බොහොම දුකයි. මිනිමරන එක බොහොම සුලුදෙයක් වෙලා. සමාජය හොදටම පිරිහිලා. වයසක අපි හෙට අනිද්දා වෙනකොට මරිල යයි. ණමුත් මගෙ දරුවන්ට සහ මුනුපුරු මිනිපිරියන්ට කොහොම රටක් අනාගතයෙ තියෙයිද කියල හිතන කොට සිතට ලොකු වෙදනාවක් ගෙන දෙනවා.