
එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වූ දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තණ ආචාරය ප්‍රවීන වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අද (21) අලුයම අභාවප්‍රාප්තවිය.
මීරිගම බැද්දෙගෙදර කිතලවලාන පදිංචිව සිටි තිදරු පියෙකුවූ ඔහු මියයනිවිට 52 හැවිරිදි වියේ පසුවිය.
මනමේ කුමාරයා ලෙස කාගේත් හැදින්වීමට ලක්වූ ඔහු සිංහබාහු, නරිබෑනා, අසිනිවැස්ස, රෑකඩ රාජ්ජේ ඇතුලු වේදිකා නාට්‍ය ගණනාවක දස්කම් දැක්වූ ශිල්පියෙකි. හෙතෙම හෝගානා පොකුණ, චිත්‍රපටියේද සුවිශේෂි දස්කම් පෙන්වා ඇත.
කුරුනෑගල පැවැති රෑකඩ රාජ්ජේ නර්නතයක යෙදෙමින් සිටියදී දින කිහිපයකට පෙර ඔහු වේදිකාවේදී හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින්සිටියිදී මෙසේ මරණයට පත්වූ ඇත.
දේහය අවසන් ගෞරවය සදහා කිතලවලාන බැද්දෙගෙදර නිවසේ තැරන්පති කර තැබෙන අතර අවසන් කටුයුත පිලිබදව පසුව දන්වන බව පවුලේ සාමාජිකයෝ කියති.
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාදානයේ සැතපෙන්න කුමාරායාණනි !
තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ලැබේවායි පතමි.
රංග ශිල්පින් බොහෝ දෙනෙක් තම අවසන් රංගනයට කුරූණැගලට තෝරා ගන්නේ ඇයි? නිවන් සුව ලැබේවා!
ඔබට නිවන්සුව පතමි.
ජීවිතය තන අග පිනි බිඳකි .ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
ඔබට නිවන් සුව...!