විදුලිය ජනනයට රුපියල් කෝටි 3800 ක් පවතින දැඩි නියං කාළගුණ තත්ත්ව නිමවන තුරු ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3800ක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවට ගණන බලා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 29 July 2017
අපිරිසිදු ආණ්ඩුවක මම ඉන්නේ නෑ - ජනාධිපති තමාට අවශ්‍ය නම් හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හැදිය හැකි බවත්, එහෙත් කුණු ආණ්ඩු හැදීමට තමා සූදානම් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී පැවසීය. 28 July 2017
'පාර්ලිමේන්තුවේ විනය විරෝධිව හැසිරුණු මන්ත්‍රීවරු එළවිය යුතුයි' - රාජිත පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ පුටුවේ හිඳ ගනිමින්, කැඳවීමේ සීනුව නාද කරමින් විනය විරෝධී ලෙස හැසිරුණු මන්ත්‍රීවරු පිරිස පාර්ලිමේන්තුවෙන් එළවීමට කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 28 July 2017
රුහුණ සරසවි සිසුවෙක් රිමාන්ඩ් රුහුණ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සභාපති වීරසුරිය ආරච්චිගේ ලහිරු ශිෂ්‍යයා අද (28) පෙරවරුවේ දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය කියයි. 28 July 2017
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොටස් මිලදී ගත් ජාතික බැංකුවක, මධ්‍යසාර නිශ්පාදන සමාගමක, විද්‍යුත් මාධ්‍ය සමාගමක සහ අළුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයක තොරතුරු ලබන මස 02 වැනිදාට පෙර කොමිසමට බාර දෙන ලෙස විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (28) එම සමාගමට නියම කළේය. 28 July 2017
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගැන තවම සොයයි ඇමැරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ එහි සැඟව සිටින බි්රගේඩියර් ජයන්ත රත්නායක මහතා පිළිබද මෙතෙක් කිසිදු තොරතුරු හෙළි වී නොමැති බව හමුදාව කියයි. 28 July 2017
මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පා පෙළපාලියක් හම්බන්තොට මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන පෙළපාලියක් අද (28) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ කැරිණි. 28 July 2017
මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 July 2017
නවාස් ෂරීෆ් අගමැතිකමට නුසුදුසු බව අධිකරණය තීන්දු කරයි දීර්ඝ කාලයක් පැවැති දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට නුසුදුස්සකු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය. 28 July 2017
පොලිසියේ ස්ථානාධිපතිවරු තුනකට ස්ථාන මාරු පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.මෙලෙස ස්ථාන මාරුවීම් ලබා ඇති ස්ථානාධිපතිවරුන් මෙසේය. 28 July 2017
අධ්‍යාපන චාරිකාවට මත්පැන් ගෙන යද්දී අසුවෙයි කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක 11 ශ්‍රේණියේ සිසුන් සඳහා අද (28) සංවිධානය කර තිබු අධ්‍යාපන චාරිකාවකට සුදානම්ව සිටි සිසුන්ගේ ගමන්මළුවල මත්පැන බෝතල් තිබී හසුවීමෙන් පසුව එම චාරිකාව අවලංගු කර බව පාසල් බලධාරින් පවසයි. 28 July 2017
ඛනිජ තෙල් විවාදය පිළිබඳ ඡන්ද විමසුම නවතී - පාර්ලිමේන්තුව කල් තබයි ඒකාබද්ධ විපක්ෂයේ නොසන්සුන්කාරී හැසිරීමත් සමග අද(28) පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබූ ඛනිජ තෙල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විවාදය පිළිබඳ ඡන්ද විමසීම අතරමැද නතර කෙරිණි. 28 July 2017
සෙනරත් කපුකොටුව දිවියෙන් සමුගනී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත විය. 28 July 2017
ශිරන්තිට සහ යෝෂිතට රහස් පොලිසියෙන් වෙනත් දිනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන විමර්ශනයකට ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ත රාජපක්ෂ මහත්මිය සහ පුතකු වන යෝෂිත රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් ඔවුනට පැමිණිය නොහැකි හෙයින් වෙනත් දිනයක් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 27 July 2017
‘පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති ක්‍රමයක් ඕනෑ‘ පාර්ලිමේන්තුව මායිම් නොකරමින් පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපතිධුරය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම නිසා පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ පැවැසීය. 27 July 2017
ගිලාබැසීමේ අවදානමක් නිසා දික්අරාව පවුල් 150ක් ඉවතට අද පැවැති මහ වැසිත් සමඟ බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ ගිලාබැසීමේ අවදානමක් නිසා පවුල් 150ක් පමණ ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (බදුල්ල) ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 27 July 2017
‘පරීක්ෂණයක් නැතිව හිටපු ජනපති ගෙදරක් රාජසන්තක කරලා‘ ආරක්ෂක ඇමතිවරයා සතු බලතල භාවිත කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වැල්ලවත්තේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් රාජසන්තක කිරීම මඟින් එම නිවස අයිති ව්‍යාපාරික යුවලගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම යුවලට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවීමට අද (27) නියම කළේය. 27 July 2017
දියතලාවට තද සුළං-නිවාස 25කට හානි දියතලාව රංජල්ලාව හා මැණික්කන්ද ප්‍රදේශ හරහා අද (27) හමා ගිය දැඩි සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස හා යුද හමුදා නිල නිවාස ඇතුළු ගොඩනැගිලි 25කට පමණ දැඩි හානි සිදුවී ඇතැයි හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පවසයි. 27 July 2017
කොලොන්නාව මැර ප්‍රහාරයක් ගැන පැමිණිලි නැහැ වර්ජනයේ නිරත ඛණිජතෙල් සේවකයින්ට කොලොන්නාවදී මැර පිරිසක් පොලූ වලින් පහර දුන් බවට කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බවත් එසේ පැමිණිල්ලක් ලැබුණ හොත් පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 27 July 2017
මූල්‍ය අපරාධ පැමිණිලි 335 ක් එෆ්සීඅයිඩියට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමෙන් පසු මේ දක්වා මුල්‍ය අපරාධ පැමිණිලි 335 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 27 July 2017
නියඟයෙන් ලක්ෂ 10කට පීඩා දිවයිනේ පළාත් 7ක දිස්ත්‍රික්ක 16කට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් පවුල් 315 775කට අයත් 1 088 197 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 July 2017
වසීම් තාජුඩීන් ලුහුබැන්ඳ අය ගැන වාර්තා කැඳවයි රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන් ඝාතනය වීමට පෙර ඔහු පසුපස ලූහුබ`දින ලද පුද්ගලයින් පිළිබ`ද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් කරනු ලැබූ ප්රචාරයෙන් සහ මහජනතාවගෙන් ලද තොරතුරු අනුව විමර්ශනය කර හඳුනාගත් සමාන ඡායාරූප කිහිපයක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ආණ්ඩුවේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛණ පරීක්ෂක වෙත යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 27 July 2017
ෆවුසිගේ නඩුව නොවැම්බර් 23ට කල් යයි ආපදා කළමනාකර අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කළැයි අල්ලස් චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා සම්බන්ධ නඩුවේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් මස 23 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (27) නියෝග කළේය. 27 July 2017
සතියට ඩෙංගු රෝගීන් 8000ක් මේ වන විට ඩෙංගු රෝගීන් 8000 කට ආසන්න පිරිසක් සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිමල්කා පන්නිල තන්ත්‍රි මහත්මිය පවසයි. 27 July 2017
නාවික ලුතිනන්ට වරෙන්තු නිකුත් කෙරේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකාර නාවික හමුදා නිලධාරීන් නිදහස් කරමින් දෙන ලද මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ ප්රතිශෝධන පෙත්සමේ දෙවන වගඋත්තරකරුවෙකු වන නාවික ලූතිනන් ප්‍රසාද් චන්දන කුමාර හෙවත් සම්පත් නැමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද (27) වරෙන්තුවක් නිකුත් කළේය. 27 July 2017
තෙල් බවුසර් 452ක් ඉන්ධන බෙදාහැරීමට යයි ඛනිජ තෙල් සේවක වර්ජනය හේතුවෙන් නතරවී තිබූ කොළොන්නාව හා මුතුරාජවෙල ගබඩාවලින් තෙල් නිකුත් කිරීම අද(27) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වූ බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම කියයි. 27 July 2017
බස් සභාපති ගැමුණුගෙන් පොලිසියට පැමිණිල්ලක් අධිවේගයේ බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙනයන බලපත්‍ර ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව විවිධ පුද්ගලයන්ට ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පොලිස් මුලස්ථානයට අද (27) පැමිණිල්ලක් කළේය. 27 July 2017
අර්ථ සාධක අරමුදලේ හිටපු අධිකාරිවරයා බැඳුම්කර කොමිසමට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ හිටපු අධිකාරි ආර්.ඒ.ඒ. ජයලත් මහතා හෙට (28) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 27 July 2017
‘පළාත් ඡන්දය කල් දාන්න හදනවා‘- පැෆරල් පළාත් සභා සියල්ලෙහි මැතිවරණ එකම දිනයක තැබීමේ මුවාවෙන් රජය පළාත් සභා මැත්වරණය කල් දැමීමට සැරසෙන බවට පැෆරල් සංවිධානය චෝදනා කරයි. 27 July 2017
වරාය සේවක වර්ජනය අත්හිටුවයි හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමට ගන්නා ලද තීරණයට විරෝධය දක්වමින් වරාය සේවකයන් සිකුරාදා (28) පැවැත්වීමට නියමිතව තිබු වර්ජනය කල් දැමු බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ කැඳවුම්කරු චන්ද්‍රසිරි මහගමගේ මහතා කීය. 27 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026