ඉන්දිකා රාමනායක
හම්බන්තොට දී විරෝධාවේ නිරතව සිටියදි අත්අඩංගුවට ගත් තරුණයකුට ප්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධියේ චෝදනා එල්ල වී සිටින සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාට චෝදනා පත්‍රයක් බාර දීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා ජාතික පොලිස් කොමිසම පත් කළ ත්‍රිපුද්ගල කමිටුව දළුවත්ත මහතා වෙත චෝදනා පත්‍රයක් බාර දිය යුතු බවට කර තිඛෙන නිර්දේශ අනුව මෙම චෝදනා පත්‍රය ලබාදීමට පොලිස් කොමිසමේ විධායක කමිටුව තීරණය කළ බව කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
ආයතන සංග්‍රහයේ දෙවන ඛාණ්ඩයේ විනය කාර්ය පරිපාටිය අනුව මෙම චෝදනාපත්‍රය ලබාදෙන බවත් එය ලබන සතියේ ලබා දෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
මෙම චෝදනා පත්‍රය නිකුත් කර මසක් ඇතුළදී දළුවත්ත මහතාට නිදහසට කරුණු ඉදිරිපත් කළ හැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ප්‍රසිද්ධියේ කනේ පහර කෑ තරුණයා ලවා මේ පොලිස් නිලධාරියාටත් කනේ පහරක් දෙන්න සලස්වලා වැඩේ ගොඩින් බේරා දෙන්න. පොලිස් කොමිසම වැඩ කළොත් අනාගතයේදී කිසිම පොලිස් ලොක්කෙක් ඔය වගේ ජරා වැඩක් කරන්න පෙළඹෙන්නේ නැහැ. කොමිෂන් කතා නින්ද යන වැඩ තමයි.
මේ මොන විහිළුවක්ද? යම් අයෙක් තව අයෙකුට පහර දුන්නොත් එයට අදාල වෙන්නේ අපරාද දණ්ඩ නීතියයි. මේක මේ යන්තම් ටොක්කක් ඇනලා ගොඩදාන්න හදන උපායක්. නියම අන්දමට නම් පොලිස් කාරයා රිමාන්ඩ් කරලා ඔහුට අපරාද දණ්ඩ නීතියට අනුකූලව නඩු පැවරිය යුතුයි. තවද මේ තරුණයාට පුලුවන් ලංකාවේ සිවිල් නීතිය යටතේ වන්දි ඉල්ලා නීතිවේදියෙක් මාර්ගයෙන් නඩුවක් ගොනු කරන්න.
කෙනෙක්ව අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිසියට ඔහුට ගහන්න කිසිම අයිතියක් නැහැ. මෙය සම්පුර්ණයෙන්ම නීති විරෝධියි.. විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ අත්අඩංගුවට අරගෙන සිටින කෙනෙක්ට සංවේදී අවයව වලට පහර දීම බරපතල වරදක් .. මේ පොලිස් නිලධාරියා කනට ගහපු පහරේ ශබ්දය ගොඩක් ඈතට ඇහෙනවා ..එය විශාල ශබ්දයක් .. බරපතල වරදක් සහ බරපතල අපහාසයක් ..පහර කාපු පුද්ගලයා මෙයට අනිවාර්යෙන්ම පොලිස් නිලධාරියාට විරුද්ධව පුද්ගලික අපහාස නඩුවක් ගොනු කල යුතුමයි. මේ අපරාධයට .. මේ වගේ නීතිය ප්‍රසිද්ධියේ අතට ගන්න නිලධාරීන්ට අනිවාර්යෙන්ම ලොකු දඬුවම් දිය යුතුයි. ...කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන වෙලාවක පහර දීමක් සිදුවීම සාදාරනීකරණය කළහැකි වුවත් මෙය කිසිසේත්ම සාධාරණීකරණය කරන්න ඔහුට තබා දෙවියන්ටවත් බැහැ. සියල්ල දකින්න ඕන සියලු දෙනාම දැක්කා .. දැන් අපි බලන් ඉන්නේ ඔහුට මොකද වෙන්නේ සහ මොකද කරන්නේ කියලා ... මගේ අදහස නම් මොහුව රැකියාවෙන් ඉවත් නොකර කොස්තාපල් තනතුරට මාරු කල යුතුයි කියන එක..
මේ “පිම්පි ලයිසන් චණ්ඩියාව” අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නේ නැත්ද? ඇයි තාමත් මේක නිදැල්ලේ ? සාමාන්‍ය මිනිහෙක්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් මේ විදියටද?
අපි ඉන්න රටවල ඔවැනි දෙයක් සිදු වුණොත් ආණ්ඩුව පවා පෙරලෙන තත්වයක් උද්ගත වෙනවා. කිසිම පොලිස් නිලධාරියෙක් කිසිම අවස්ථාවක නීතිය තමාගේ කර ගන්නේ නැහැ. පාතාලය බිහි කරන්නේ මේ වගේ ජඩ පොලිස් කාරයෝ තමයි !!
එහෙමනම් ගුටිකාපු කෙනා සමාව ගනියි.
විමර්ශනය අවසන් වනතුරු වැඩ තහනම් කල යුතුයි.
අර හොර හරක් ලොරිය පස්සේ ලුහු බැඳ ගොස් සිය රාජ කාරිය කරපු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කරලා පහුවදාම. ලෝකෙටම පෙනෙන්න අර තරුණයට කනේ පාර ගහපු මේ පුද්ගලයාගේ වැඩ තහනම් කරන්නේ නැහැ. නියම යහපාලන පොලිසියනේද?
එක අතකට පාරේ පිස්සු කියවන කෙනෙකුට කනේපාරක් වත් ගහන්න බැරි නම් ඔය පොලිසියේ ඒඑස්පී කම ළමයෙකුට දුන්නා නම් ඉවරයි.
දෙපාර්තමේන්තු විනය පරීක්ෂණයට අමතරව කන පැලීමට එරෙහිව අපරාධ යටතේ නඩුවක් පැවරිය යුතුයි.
වැරදි වැඩ කරනකොට කන් ඇනගන්නේ නැතිව මූණ ඉඹින්නද කියන්නේ? ඔය ටිකම තමයි පාසල් වලත් ළමයෙකුට ගුරුවරයෙක් ගැහුවොත් මානව හිමිකම් යනවා. ගුරුවරු ළමයින්ට ගහන්නේ ආයේ වැරැද්ද නොකර ඉන්න. මෙතන වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්...
මට නම් හිතෙන්නේ අන්තිමට ජේ.ආර්. ගේ කාලේ විවියන් ගුණවර්ධනට ගහපු කෙනාට උසස්වීමක් දීපු හැටියි. මේකත් ඊට දෙවෙනි වෙන එකක් නැහැ.
සමහරවිට කනට ගස්සවා ගත්තා කියලා කියාවි !!!
මෙවැනි අය නීතිය අභිබවා යාම පොලිසියේ ගෞරවයට, විනයට, අපකීර්තියක් ගෙන ඒම, විශේෂයෙන්, මෙවන් අය නිසා මහජනතාව පොලිසියට තිබෙන ගෞරවය, සැලකීම නැති කිරීම වැනි කරුණු නිසා වහාම සේවයෙන් කිසිත් දීමනා නොදී පහ කිරීමෙන් අනිත් නිලධාරීන් පොලිසියේ ගෞරවය රැකෙන අයුරින් රාජකාරි කරනු ඇත. ස්ථාන මාරු වැනි දේවල් නිසා මොවුන් ඒවා ගණන් නොගෙන පරණ රිලා නැටුම් නටනු ඇත.