රංජන් කස්තුරි
මාලබේ සයිටම් ආයතනයේ ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ යෝජනා පිළිබඳව සලකා බලා හෙට (30) අදහසක් ඉදිරිපත් කරන බව සයිටම් ආයතනය කියයි.
එම යෝජනා අධ්‍යයනය කිරීම සඳහා සයිටම් ඉහළ කළමනාකාරිත්වය අද රැස්වන බව ද එම ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් රජයට පවරාගන්නේනම් සියලුම පුද්ගලික රෝහල්ද රජයට පවරාගෙන ජන සතු කල යුතුයි. මේකට නම් G M O A එක කැමති වෙන එකක් නැහැ. මොකද එයාලට අහිංසක මහජනයා සුරගෙන කන එක නැති වෙනවනේ. මුන් මේ වැඩ වර්ජන කරන්නේ අපිට ආදරේට නෙමෙයි.
ඉතින් ආණ්ඩුවට පුළුවන් නේද පෞද්ගලික ප්‍රතිකාරයක් කරනවට අවම මිලක් නීතියෙන්ම පනවන්න.
වෛද්‍ය අධ්‍යාපනය පමණක් නොව මුළු සෞඛ්‍ය ක්ෂේත්රයම ලාභ නොලබන මහජන සේවාවන් ලෙස පවත්වාගෙන යා යුතුයි. සියළු පෞද්ගලික රෝහල් සහ සායන රජයට පවරාගෙන මහජන සේවා බවට පත්කළ යුතුයි. වෛද්‍යවරුන්ට පුද්ගලික වෛද්‍ය සේවයේ නිරත වීම තහනම් කල යුතුයි. මොන්ටිසෝරියේ සිට උසස් අධ්‍යාපනය දක්වා වන සියලු අධ්‍යාපන කඩ රාජසන්තක කල යුතුයි..... ඔහොම යං.
ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ආයෝජන මණ්ඩලය හරහා පුද්ගලික රෝහලක් ආරම්භ කරනවා. අවුරුදු 5-6 එක ක්‍රියාත්මක වෙනවා. අන්තිමේදී ආණ්ඩු මාරුවුණ ගමන් උද්ඝෝෂණය කළ පමණින් මේක රජයට පවර ගන්නවා. මෙහෙම ගියොත් අනාගතයේදී දෙස් විදෙස් ආයෝජකයෝ ලංකාවේ මුදල් ආයෝජනය කර ව්‍යාපාර ආරම්භ කරාවිද?
SAITM එක ජනසතු කරනවානම් ජ්යතියන්තර පාසැල් SLIT NIBM APPIT IDM වැනි පුද්ගලික විශ්ව විද්‍යාල ත් පුද්ගලික රෝහල් චැනල් සෙන්ටෙර් ආදී සියල්ලත් ජනසතු කලයුතුයි.
දැන් ඉතින් තියෙන්නේ ආණ්ඩුවේ තීරණය පිළිගෙන ඉස්සෙල්ල අර සම්තින් ගත්තු කොමිෂන් කාර දෙපැත් නයින්ගෙන් දුන්න සල්ලි ටික අාපහු ඉල්ලගන්න එකයි. නැතිනම් උනුන්ගේ නම් දුන්නු මුදල් ප්‍රමාණයත් එක්ක ප්‍රසිද්ධ කරන එකයි.
පෞද්ගලික සියල්ල ජනසතු කල යුතුයි. පෞද්ගලික පන්ති පාසල් රෝහල් සියල්ල ජනසතු කල යුතුයි ඇයි වෛද්‍ය අධ්‍යාපනය පමණක්.
මොනව කියන්නද ඇන්නෑවේ කියනව මිසක්. අර ඉබ්බ දියේ දානකොට කිව්ව වගේ. මේ පාරත් පාට වෙනස් කරල තියෙන්නේ පරන කුණු ගොඩම තමයි. මේ ආණ්ඩුව සයිටම් වහන්නේ නෑ කීයටවත්. සෙල්ලං කොමිස් කන්දක්ද පුතේ.
සයිටම් වහන්නම එපා. අපේ රටට තවත් පුද්ගලික විශ්ව විද්‍යාල බොහෝ ගණනක් සැදිය යුතුයි ඉන්දියාව වගේ...
සයිටම් එක වහගන්න බැරි ජනාධිපති, ෆෙඩරල්දීලා වෙනම රටක් නම්කර ගත්තොත් නවතන්නේ කොහොමද?
ආයෝජන මණ්ඩලයේ අනුග්‍රහය සහ රජයේ අනුමැතිය ඇතිකළ ව්‍යාපාරයක් වහලා දමන්න කියලා හෝ සාධාරණ හේතුවක් නැතුව රජයට පවරා ගන්න එක නිකන් හිතුමතේට කරන්න බැහැ. එහෙම කළොත් ඩොලර් කෝටි ගණනින් නෙවිල් ප්‍රනාන්දුට වන්දි ගෙවන්න ආණ්ඩුවට සිදුවේවි !!! ඔහුට පුළුවන් ජාත්‍යන්තර අධිකරණයකට යන්න.
ආයෝජන මණ්ඩලයේ අනුග්‍රහය සහ රජයේ අනුමැතිය ඇතිකළ ව්‍යාපාරයක් වහලා දමන්න කියලා හෝ සාධාරණ හේතුවක් නැතුව රජයට පවරා ගන්න එක නිකන් හිතුමතේට කරන්න බැහැ. ආණ්ඩුව එහෙම කරනවා නම් , විදුහලේ ප්‍රමිතිය සම්බන්ධව තිබෙන අඩුපාඩු දන්වල ලිඛිතව දැනුම් දීමක් කල යුතුය , ඊට පසුව තිබෙන අඩුපාඩු නිවැරදි කරගැනීමට විදුහලට සාධාරණ කාලයක් දිය යුතුය , එම ක්‍රියාවලියට අවශ්‍ය සහයෝගය ලබාදිය යුතුය , නැතුව ආණ්ඩුව වෙනස් වුනා කියල, දොස්තර සංගමය වර්ජන කල කියල පසුගිය ආණ්ඩුව අත්සන් කල ගිවිසුම් ඉවක් බවක් නැතුව ත් තහනම් කල නොහැක. එහෙම කලොත් නෙවිල් ප්‍රනාන්දුට පුළුවන් ජාත්‍යන්තර අධිකරණයකට යන්න , එහෙම ක්‍රියාවලියකට ගියොත් ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව වැනි ආයතන වලින් පවත්වාගෙන යන ආයෝජනය කළහැකි රටවල දර්ශකය වැනි ලැයිස්තු වල අපි තව තවත් පහලට වැටෙනවා , එක අපේ ආර්ථිකයට තදින් බලපාන්න පුළුවන් , උදාහරණයක් වශයෙන් ගත්තොත් අප්‍රිකාවේ සෝමාලියාව වැනි රටවල ආයෝජනය කරන්න , ඔවුන් සමග ජාත්‍යන්තර ව්‍යාපර කරන්න කවුරුත් කැමති නැත ,