චන්ද්‍රසේන ගමගේ සහ නිමල් අල්ගෙවත්ත
වීරකැටිය, මැදමුලන වෙල්යායක් මධ්‍යයේ පිහිටි කමතක වී වේලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද දහවල් අකුණුසැර වැදී මියගොස් ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ වීරකැටිය මැදමුලන සියඹලාහැද්දෑවේ පදිංචිව සිටි එක් දරු පියෙකු වූ අසේල සම්පත් බාලගමගේ, ගල්පොත්තයාය මුල්ගිරිගල ගෙදර පදිංචිව සිටි 64 වියේ පසු වූ දෙදරු පියෙකු වන විජේතුංග අබේපිටියගේ ඩේවිඩ් සහ කුඩාබිබුල මැදකොරටුවේ පදිංචිව සිටි 64 වියැති එක් දරු පියෙකුවූ හේවා නැදුන් ගොඩගේ සිරිසේන යන අය බව හඳුනාගෙන තිබේ.
මිය ගිය තිදෙනා අද (29) උදේ එම ස්ථානයට ට්‍රැක්ටර් රථයකින් වී ගෙනවිත් වේලමින් සිට ඇත. දහවල් 12ට පමණ හදිසියේම වර්ෂාවක් පතිත වී ඇති අතර වී වේලමින් සිටි තිදෙනා වේලමින් සිටි වී තොගය වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට ඇසුරුම් කරමින් සිටිය දී අකුණු සැර වැදී ඇතැයි පොලිසිය පවසයි.
පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සදහා මිය ගිය අයගේ සිරුරු හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට අද සවස රැගෙන යනු ලැබීය.
මෙම ස්ථානය පසුගිය කාලයේ සැහැල්ලු ගුවන්යානා ගොඩබාන ස්ථානයක් වශයෙන් ද භාවිත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ මහින්ද මහත්තයාගේ වී වේලන කට්ටිය නේද?
ඔතන හාරලා බලන්න මොනවහරි ලෝහමය දෙයක් වල දමල තිබෙනවද කියලා.
"කමතක වී වේලමින් සිටි පුද්ගලයන් යනුවෙන් කිව්වට" පුවතේ අන්තිමට ලජ්ජාවෙන් වගේ "මෙම ස්ථානය පසුගිය කාලයේ සැහැල්ලු ගුවන්යානා ගොඩබාන ස්ථානයක් වශයෙන් ද භාවිත කර ඇත." කියලා සඳහන් කරලා තියෙනවා. ඇත්ත කතාව නම් මේ ස්ථානය කලින් හිටපු බේබිලගේ සහ මැඩම්ගේ ගමන් සඳහා දිනපතා අාපු හෙලිකොප්ටර් බාපු මැදමුල්ලනේ ස්ථානයයි.
මේකේ ප්‍රතිචාර දාන අයට කියන්නේ දැන්වත් අනුන් ගැන කතා නොකර රටට ප්‍රයෝජන වෙන දෙයක් කතාකරන්න.අඩුම තරමේ අපේ ක්‍රිකට් ටීම් එක ගොඩගන්න ක්‍රමයක් වත්.නැත්තන් ඉස්සරහට ලෝකේ ටෙස්ට් නොගහන රට වලුත් අපිට හෙන ගහන්න වගේ ගහයි
දෙවියන්ටත් වරදිනවා.... මේක වදින්න ඕන තැනට නෙමෙයි වැදුනේ.. ඊලග සැරේවත් හරියියද කියල බලමු ... එතකොට මුලෙම් හොර තක්කඩි පවුල් පිටින් ගෙවල් අත හැරලා ගිහින් කියවී... අපේම කරුමේ තමයි... වදින්නේ අන්තිමට අහිංසකයන්ටමයි ..
ලොක්ක බලයේ ඉන්න කාලේ දිනක් රතන හාමුදුරුවන්ට කිව්වා පන්සල්වල බුදු රැස් විහිදෙන්න මුලින්ම පටන් ගත්තේ මැද මුලන පන්සලෙන් කියල. ඒක අහපු අපට හිනා ගියේ තමන්ගේ පන්සලෙන් බුදු රැස් විහිදෙන්න තරම් මෙයා පින් කඳක් ද කියල. දැන් ඉතින් කියන්න බැරි යැ මේ දවස්වල වදින අකුණු සැරවලින් ඉස්සෙල්ලම හෙණය පාත්වුණේ මැද මුලනට කියල. පළමු ප්‍රකාශය කෙසේ වෙතත් දෙවෙනි සිදුවීම තමයි සැබෑ යතාර්ථය. අපරාදේ අහිංසක ජීවිත. ගොරවන විදුලිකොටන වර්ෂා සහිත කාලගුණයක් පවතින විට ලෝහ උපකරණ ස්පර්ශ කරමින් එළිමහනේ වැඩ කිරීම අනතුරු දායක යයි මේ මිනිසුන්ට කියා දෙන්න කෙනෙක් මුළු මැද මුලනටම ඉඳල නැහැ.
ඉතාම කනගාටු දායකයි. තමන්ගේ වී ටික වැස්සෙන් බේරා ගන්න ගිහින් ජීවිත අහිමි වුනා.
අකුණුට චුට්ටක් වැරදිලා....
ඔන්න පටන් ගත්තා තව ටික කාලෙකින් ඔය පැත්තටම හෙන ගහනවා
මැදමුලනට වැහි නැති හෙණ පත්වීම පුදුමයක් නොවේ.
කිව්වත් වගේම ඕක හාරලා බලන්න වටිනවා.