චන්දන ප්‍රනාන්දු
ජනතාවගේ සල්ලි නාස්ති කරන පාර්ලිමේන්තුවට කවුරු හරි උඩින් ඇවිත් බෝම්බ දමන්නේ නැතිනම් භූමි කම්පාවක් ඇවිත් ගිලිලා යා යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පුත්තලමේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
‘මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබුණේ නෑ. එහෙම බහුතරයක් නොලැබුණු ආණ්ඩුවක පාර්ලිමේන්තුවට කැමති කැමති දේවල් කරන්න ජනතාව බලයක් දුන්නේ නෑ. ඒත් අද වෙද්දි මේ රට විනාශය කරා ගෙන යන්නට ඒ පාර්ලිමේන්තුවම වංචනික ලෙස යොදා ගැනිම වැලැක්වීමට හැකි හැමදෙයක්ම අපි කරනවා. අපි ඒකයි කීවේ රටට බලපාන අහිතකර ව්‍යවස්ථාවක් ගෙනත් තිබෙන වෙලාවක ඒකට එරෙහිව කිසිම දෙයක් කරන්න බැරිනම් ඒක වලක්වන්න බැරිනම් මේ පාර්ලිමේන්තුව දත් නැති කටක් වගේ කියලා. දත්නැති කටට අපි කියන්නේ ලොම්බ කටවල්.
මේ කටෙන් ප්‍රයෝජනයක් ගන්න නම් එක්කෝ මේ කටට අලුත් දත් සෙට් එකක් දාන්න ඔනෑ. එහෙම නැත්නම් කිසිම වැඩක් ගන්න බැරිනම් ලොම්බ කටක් ලෙසම තියා ගන්න ඔනෑ. ඒත් ඉතින් කෝටි ගණන් ජනතා මුදල් ගිලදාමින් වැටුප් දීමනා ගන්න පාර්ලිමේන්තුවේ ජනතාවට වගකියන ජනතා නියෝජිතයන් මේ අහිතකර අවස්ථාවේ එයට එරෙහිව වැඩ කරන්නේ නැත්නම් රටට බලපාන අහිතකර නීති එද්දි ඒක වලක්වන්න සම්මත කරන්න බැරිනම් මිනිස්සු ජන්දේ දීලා පාර්ලිමේන්තු එවුවේ මොන කෙන්ගෙඩියක් කරන්නද? එහම දෙයක්වත් කරන්න බැරි පාර්ලිමේන්තුවක් ඇයි හත්වලාමේ තියාගෙන සල්ලි නාස්තිකරන්නේ? මේකට එක්කෝ කවුරු හරි උඩින් ඇවිත් බෝම්බ දාන්න ඕනෑ. එහෙම නැත්නම් භූමි කම්පාවක් ඇවිත් ගිලිලා යන්න ඕනෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට මක් වෙලාද? මහජන ඡන්දෙන් සහ පිනට පාර්ලිමේන්තු ගියේ මේ වගේ මිනීමරු කතා කියන්නද?
මේ පුද්ගලයා ඉස්සර අැඳුම් මහන්නෙක්.. අද කෝටිපති දේශපලනයෙක්.. කොහොමද මේක වුණේ? ඇයි අපි ලාංකිකයෝ මේවා බලන් ඉන්නේ? මේවාට විරුද්ධව පාරට බැහැපල්ලා ඔක්කොම හොරු... රටට ආදරේ මිනිස්සු පාර්ලිමේන්තුවට කැමැති නැහැ.. ඇයි හාමුදුරුවනේ මේක පේන්නේ නැද්ද?
අනිවාර්යෙන්ම ඒක ගිලෙද්දී ඔබත් එක්කම ගිලෙනවා නම් තමා මගේ ප්‍රාර්ථනාව. මොකද ජනතාවට සේවය කරන්න එද්දී බයිසිකලයක්වත් නොතිබුණු මිනිහා දැන් ඉන්න තත්වය බෝම්බ නැතිනම් ස්වභාවික විපතකදී හරි විනාශ වීම..
අපි මේ අයට බහුතර බලය දුන්නැති ඒක අැත්ත. ඒත් එතකොට විමලා කියන්නේ අපි විමල්ලගේ අාණ්ඩුවට 2/3 දුන්නා කියලද? ඒ අාණ්ඩුවත් ඔය පාර්ලිමන්ට් එක අැතුලේ හැම සෙල්ලමක්ම දැම්මේ කප්පම් වලට පගාවට ඔලුගෙඩි මාරු කරලා. අන්න ඒ වගේ අයගේ කටවල් වලට මුලින්ම බෝම්බ දාන්න ඕනෑ.
ජනතාවගෙන් නිතරම ඇසෙන්නේ මෙතුමා අටවෙනි පන්තිය පාස් දේශපාලකයෙක් වශයෙනි. මේවගේ ප්‍රකාශ කිරීමෙන් නැවත එය ජනතාව දෙකෙන් බෙදන්නට ඉඩ ඇත. පාර්ලිමේන්තුවේ පිහිටෙන් මාලිගා මවා ගත්ත කව්රුත් ඉන්න වෙලාවකම ඔය ගිලා බසින ප්‍රාර්ථනාව ඉටු වන්නේ නම් සතුටුවෙන අය බොහෝ ඇත.
ඔයා ඇතුලේ ඉන්න වෙලාවක ආවට කමක් නැද්ද?
නව ව්‍යවස්ථාව ගැන තීරණයක් ගන්නේ මහජනතාව ජනමත විචාරණයේදී. ගේම් ගහලා ඒක කඩාකප්පල් කරන්න හදන්නේ පරදින බව දන්න හින්දයි.
විමල්ගේ ඇඟිල්ල දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ට මේ මනුස්සයා පෙන්නන දේ දිහා බලන්න වුවමනාවක් නැති එක අවාසනාවක්. මෙයා ගැන පුද්ගලික මත කොතෙක් තිබුණත් මේ ව්‍යවස්ථා සංශෝධනය මේ රට කඩන සංශෝධනයක්. එයට එරෙහිවීම මිස පුද්ගල දෝෂ වලට බැනීම අපේ ජාතියේ කරුමය බවයි වැටහෙන්නේ.
ඇත්ත, ඔක්කොම ඇතුලේ ඉන්න වෙලාවකම ඒක වෙන්න ඕනෑ.
ඔව් ඔව් නියමයි, පාර්ලිමේන්තුව ගිලෙන කොට මෙයාට වතුර පෙවිලා අර උපවාසය අහක යයි! එතකොට තව ලෙමන් පෆ් එකක් හොරෙන්ම කා ගන්න පුළුවන්.
අනිවාර්යෙන්ම ඒක ගිලෙද්දී ඔබත් එක්කම ගිලෙනවා නම් තමා මගේ ප්‍රාර්ථනාව. මොකද ජනතාවට සේවය කරන්න එද්දී බයිසිකලයක්වත් නොතිබුණු කෙනා දැන් ඉන්න තත්වයට අනුව බෝම්බ නැතිනම් ස්වභාවික විපතකදී හරි විනාශ වීම..
අනේ ඉතින් ඇමතිකම් නැතුව විඳින මානසික පීඩනය සහ දුක! පව් !
මේ පාර්ලිමේන්තුව ජනතාවගේ සල්ලි නාස්ති කරනවා යැයි කියලා මෙයා කියනවා. එතකොට රජයේ වාහන නීතිවිරෝධීව භාවිතා කරමින් මහජන මුදල් කෝටි 9ක් පාඩුකළැයි කියලා මෙයාට නඩුවකුත් තියෙනවා. ඕවා මෙයාට අමතක වෙලා වගේ...
දැන් ඔය කියන විදියට පාර්ලිමේන්තුවට බෝම්බ දාන්න හෝ නාය යන්න අවශ්‍ය වෙන්නේ විමල් ඔය ගොඩනැගිල්ලේ ඉන්න වේලාවකද? ගොඩනැගිල්ලෙන් පිට වෙන කොහේහරි ඉන්න වේලාවකද? කියලත් පැහැදිලි කරන්න.
අසංක කියනවා වගේ මෙයා පිං මන්ත්‍රී කෙනෙක් මෙයාට පුළුවන් නම් එයාගේ පක්ෂෙන් තනියෙන් ඇවිත් ඡන්ද 1000 අරන් පෙන් වන්න කියන්න.
අනේ මන්දා. කොච්චර කෑගැසුවත් සාටකයේ එල්ලිලා මිසක් තනියම එනවා බොරු තමයි...
ඊරිසියා කරන්න එපා පින්වතුනි, ඊරිසියා කරන්න එපා. ඔබටත් මැර බලය තිබේ නම්, අහස පොලොව උසුලන්නේ නැති බොරු ඇද බාන්න පුලුවන්නම්, හොරුන්ගෙත් හොරු වගෙ වංචා කරන්න ,කිසි හිරිකිතක් නැතුව ඕනෑම කෙනෙක්ගේ දේ කඩා වඩා ගන්න පලුවන්නම්, ලොක්කෙකුගේ වල්ගෙ එල්ලිලා අශූචි නාමින් කිසි ගානක් නැතුව ගුන වයන්න පුලුවන්නම් ඔබටත් මේ තත්වයට පැමිනෙන්න පුලුවන් . එමනිසා පින්වතුනි උත්සාහ කරන්න, දිරි වඩන්න, ඊරිසියා කිරීමෙන් වලකින්න.
පරම්පරාවෙ සිතුම් පැතුම් තමයි කියවෙන්නෙ
ගිලුනොත් ගිලෙන්නේ ඒකාබද්ද විපක්ෂයේ ඉන්න අය කරපු වැඩවලට.
කැලේ මාරුවුනාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැතිලුනේ 1971 කාලයේ මොහු නැතිවුනත් 1988 සහ 1989 කාලයේ මොවුන්ගේ වැඩ ඔක්කොම දන්නවනේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුය කියනවා වගේ මොහුට ඒකාලේ කරපුව කරන්න හිතිලා
මේ වගේ හිස් වාචාල බස් දොඩන මිනිසුන් පහල නොවෙන රටක ලබන ආත්මයේදී වත් උපදින්නට ලැබේව!
"බෝම්බ දාන්නේ නැතිනම් පාර්ලිමේන්තුව ගිලෙන්ඩ ඕනෑ." ඔව් ඔව්... ඔයත් එක්ක