සිරාජ් හසීම්
යාපනයේ පෞද්ගලික රෝහලක අක්ෂී සැත්කම් අසාර්ථක වීමක් හේතුවෙන් රෝගීන් 10දෙනෙකුගේ ඇස්වලට හානි සිදුවීම මත එම රෝහලේ සැත්කම් තාවකාලිකව තහනම් කිරීමට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය කේ.ගුණසීලන් මහතා පියවර ගෙන තිබේ.
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝගය මත පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මේ බව දැනුම් දී ශල්‍යාගාරවලට මුද්‍රා තබා ඇත.
මෙම සැත්කම්වලට භාජනය වූ රෝගීන් 09 දෙනෙකු යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කිරීමෙන් අනතුරුව ඉන් පස් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ. සිව් දෙනෙක් තවදුරටත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබති.
මෙම රෝහලේදී අක්ෂී ශල්‍යකර්ම සිදුකරගත් එක් අයෙකුගේ ඇසකට මුළුමනින්ම හානි සිදුව ඇති අතර ඔහුගේ ඇස ඉවත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd