බස් සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුකරන බව කියන ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද(31) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය. 31 July 2017
ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. 31 July 2017
සයිටම් විරෝධීහු නුවර සිට කොළඹට පයින් එති ‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය‘ සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය හා පා ගමන අද(31) පෙරවරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය. 31 July 2017
එක්සත් ජනපද දුත මණ්ඩලයේ 775 කට පිටව යන්නැයි පුටින් නියෝග කරයි රුසියාවේ සිටින එක්සත් ජනපද දූත මණ්ඩලයේ 775 දෙනකුට එරටින් පිටව යන්නැයි ජනාධිපති වැලැදිමීර් පුටින් නියෝග කර තිබේ. 31 July 2017
නැදුන්ගමුවේ රාජා - වාසනා මෙවර දළදා පෙරහරට නෑ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පෙරහර කරඬුව වැඩම කරවීමට සුදුසුකම් ලැබ සිටි නැදුන්ගමුවේ රාජා සහ වාසනා ඇතු මෙවර සහභාගි නොවන බව ශ්‍රී දළදා මාලිගාව සඳහන් කරයි. 31 July 2017
කටාර් හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගිණුම තාවකාලිකව අත්හිටුවයි කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ එරට පවත්වාගෙන යන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ බැංකු ගිණුමේ මුදල් ඉවතට ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙසට එරට ශ්‍රීලංකා තානාපතිවරයා එම බැංකු ගිණුම පවත්වාගෙන යන බැංකුවට දැනුම් දී තිබේ. 31 July 2017
උමා ඔය පීඩිතයන් වෙනුවෙන් නිවාස කුලී වැඩිකරන්නැයි ඉල්ලයි ඊසාන දින මෝසම් වැසි ඇරඹීමට පෙර උමා ඔය විනාශය හේතුවෙන් ඉවත් කිරීමට සුදානම් විය හැකි 1600 කට වැඩි පවුල් සඳහා අවම වශයෙන් රුපියල් 30,000 ක නිවාස කුලියක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටී. 31 July 2017
ත්‍රී රෝද අනතුරින් අයෙක් මරුට මදුරන්කුලිය - කොත්තන්තිව් මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් පෙරළී ගොස් නවතා තිබූ ලොරියක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි මුන්දලම පොලීසිය කියයි. 31 July 2017
යාපනයේ ආරක්ෂාව තර කෙරේ යාපනය කෝපායි කොණ්ඩාවිල් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පහර දීම හේතුවෙන් ස්ථාන කිහිපයක විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භකර ඇත. 31 July 2017
මහින්දගේ ට්විටර් පණිවුඩයට මංගලගෙන් පිළිතුරු රට පාලනය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගේ උදව් අනවශ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්ව්ටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් තබමින් කියා සිටී. 30 July 2017
මුදල් ලේකම්ගේ සහ රේගු අධ්‍යක්ෂගේ අභියාචනය සඳුදා කැඳවයි දල් අමාත්‍යවරයා වගඋත්තරකරුවකු කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රේගු අධ්යක්ෂවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති අභියාචනයක් හෙට(31) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිය. 30 July 2017
වැඩිහිටි කන්දේ අනතුරකින් 10කට තුවාල බැතිමතුන් පිරිසක් රැගෙන වැඩිහිටි කන්දේ පහළ මළුවේ සිට ඉහළ මළුවට ගමන් කරමින් තිබූ සංචාරක කැබ් රථයක් අද (30) දහවල් අනතුරට ලක්වීමෙන් 10 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි කියැවේ.බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනකු හම්බන්තොට රෝහල වෙත මාරු කර යවා ඇත. 30 July 2017
‘හම්බන්තොට වරාය රැකගැනීමට අඛණ්ඩ වැඩ වර්ජනයක්‘ හම්බන්තොට වරාය රැකගැනීම සඳහා සියලු වෘත්තීය සමිති,බහුජන සංවිධාන,ශිෂ්‍ය ව්‍යාපාර ඒකරාශි කරගෙන අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසයි. 30 July 2017
ශ්‍රී ලාංකිකයින් සිටි නැවක් සයිප්රසයේදී අල්ලයි යුරෝපයට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 21 දෙනෙකු රැගත් නෞකාවක් උතුරු සයිප්‍රස් මුහුදු සීමාවේදී එරට වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන් ගේ බාරයට ගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ පළවන ‘‘ද ගාඩියන් “ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර සිටී. 30 July 2017
පොලිසියේ දෙන්නෙකුට යාපනයේදී ප්‍රහාරයක් යාපනය කෝපායි නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී අද (30) පොලිස් නිලධාරීන් දෙදෙනකුට යතුරුපැදි කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහර දෙනු ලැබ ඇතැයි කෝපායී පොලිසිය පවසයි. 30 July 2017
නුවර සිට කොළඹට සයිටම් විරෝධි පාගමනක් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් මහනුවර සිට කොළඹ දක්වා දින පහක විරෝධතා පාගමනක් හෙට(31) ආරම්භ කරන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර පැවසීය. 30 July 2017
හොරගොල්ල වලව්වෙන් බෝම්බයක් හමුවෙයි අත්තනගල්ල හොරගොල්ල වලව්ව භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිසකට එහි තාප්පයක් අයිනේ මල් වැටක් අද්දර තිබී ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 30 July 2017
‘කැබිනට් මණ්ඩලයේ ඉන්නේ තොත්ත බබාලා නෙමෙයි‘ කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ගන්නේ රටේ අනාගතය ගැන දශක ගණනාවක් ඉදිරියට සිතා බලා බවත් එහි සිටින්නේ තොත්ත බබාලා නොවන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද(30) ගාල්ලේ දී පැවසීය. 30 July 2017
මාස හයට උද්ඝෝෂණ-වැඩවර්ජන 1500ක් මේ වසරේ ගතවූ මුල් මාස හය තුළ වර්ජන හා උද්ඝෝෂණ 1500 ක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ලංකාදීපයට පැවසීය. 30 July 2017
සඟවා තිබූ මත්පැන් තොගයක් සමග අයෙක් දැලේ මහනුවර ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරයේ හා ඒ අවට බෙදා හැරීම සඳහා සූදානම් කර තිබූ බව කියන නීතී විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර සුරාබදු කාර්යාලය පවසයි. 30 July 2017
“නියඟයෙන් සහල් සැපයුමට බාධාවක් නෑ“ පවතින නියං තත්ත්වය කොතරම් බලපෑවද කිසිඳු හිඟයකින් තොරව සහල් ලබා දීමට පියවර ගෙන ඇති බවටත් අගොස්තු සිට රටවල් හතරකින් ආනයනය කරන ලද සහල් බෙදා හැරීමට කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 30 July 2017
වෑන්-යතුරුපැදි අනතුරෙන් යුවලක් මරුට කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ කොස්ගස් හංදියේදී අද (30) යතුරුපැදියක් හා වෑන්රථයක් ගැටී යතුරුපැදියේ ගමන්ගත් යුවලක් බරපතල තුවාල ලබා දඔදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි. 30 July 2017
බන්ධනාගාර බසයට වයික්කාලේදී ප්‍රහාරයක් වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බස් රථයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි. 30 July 2017
බෝට්ටුවක් පෙරලී අයෙක් අතුරු දහන් එක් අයකු බේරාගනී ධීවරයන් දෙදෙනකු ගමන් ගත් බෝට්ටුවක් පෙරලීමෙන් එක් අයකු අතරුදහන්ව තවත් අයකු වෙනත් ධීවර බෝට්ටුවකින් බේරාගත් බව හලාවත පොලිසිය කියයි 29 July 2017
තද වර්ෂාවෙන් මහනුවර නිවාස 150කට හානි මහනුවර ප්‍රදේශයට අද අලුයම සිට ඇද හැළුණු තද වර්ෂාවෙන් පසු මැදඇළ උතුරා යාමෙන් විලියම් ගොපල්ලව මාවත හිරස්සගල ඇතුළු ප්‍රාදේශ කීපයක් වැසි ජලයෙන් යටවිය 29 July 2017
මහවැලියෙන් පසු මෙරටට ලැබුණු ලොකුම ආයෝජනය අද අත්සන් කළා - මහින්ද සමරසිංහ මහින්ද රාජපක්ෂ පාලන කාලයේ චීන සමාගමක් සමග අත්සන් කරන්නට ගිය ගිවිසුමෙන් මහා භාණ්ඩාගාරයට සත පහක්වත් ලැබෙන්නේ නැහැ 29 July 2017
ජූලි 29 අවාසනාවන්ත දිනයක් වෙලා - හිටපු ජනපති එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයේම ඔහුගේ බෑනා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දීම ඉතාමත් අවාසානාවන්ත සිදු වීමක් වශයෙන් සැලකිය හැකි බවද ජූලි 29 දින මේ රට ට අවාසනාවන්ත සිදු වීම් ඇති කරන දිනයක් බවට පත්ව ඇතැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) සවස තංගල්ල කාල්ටන් නිවසේදී පැවසීය. 29 July 2017
30කට පසු වෙල්ලාවෙලි පොලිසිය තිබූ තැනටම එයි කොටි ප්‍රහාර දැඩිව පවතිද්දී ඉවත් කෙරුණු වෙල්ලාවලි පොලිස් ස්ථානය වසර 30කට පමණ පසු නවත එම ස්ථානයේ ස්ථාපිත කිරීම පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් අද සිදු කෙරිණි. කොට ප්‍රහාර හමුවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන ගිය පසු යුද නිමාවෙන් පසු නැවත ඉදි කළේය. 29 July 2017
පුත්තලම කුණු බක්කිය වෙයි පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත කසල අංගනය මෙතෙක් කසළ බැහැර කළ ස්ථානවලට සාපේක්ෂව සුදුසු මට්ටමක පවතින බව පරිසර සංවිධාන පවසයි . 29 July 2017
ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට එහි ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කඩිනමින් වේලාවක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ද මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ. 29 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026