(සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ, ආඳාදොළ දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෝටර් රියක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිය මිතුරකුගේ මංගල උත්සවයකට සහභාගී වී යළි සිය නිවෙස බලා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු එසේ මිය ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා මිතුරන් බවත් තම පවුලේ අය සමග මෝටර් රියකින් ගමන් ගනිමින් සිටියදී අනතුර සිදුවී ඇති බවත් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
ආඳාදොළ දුම්රිය ස්ථානය අසළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී අද(30) සවස ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මෝටර් රථය කුඩු පට්ටම් වී ඇති අතර එහි ගමන්ගත් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සිද්ධිය වූ ස්ථානයේ දීම මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 100ක් පමණ ඇදී ගොස් ඇති අතර මෝටර් රියේ ගමන්ගත් උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගැබිණි බිරිඳ බරපතල තුවාල ලබා මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගෝනහේන, විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ ඇල්පිටියේ පදිංචි උප පොලිස් පරීක්ෂක චන්දිම සුබසිංහ සහ මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ වැල්ලවායේ පදිංචි උප පොලිස් පරීක්ෂක සංජීව වනසිංහ නමැත්තන් බව පොලිසිය කියයි.
මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ උණ බම්බු ගේට්ටුවක් සවිකර තිබූ අතර එය මීට ඉහතදී තම විරෝධතා සැලකිල්ලට නොගෙන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේට්ටුව තිබුණත්, නැතත් දුම්රිය පාර පනින විට ඒ දෙපත්ත බලලා කණට ශබ්දය ඇසෙනවද කියලා බලා මාරුවෙන්න ඕනේ... මේ කට්ටිය මගුල් ගෙදරදී හොඳට සප්පායම් වෙලා ආපසු යන ගමන්නේ... ඒ දිනේ මේක වෙලා තියෙන්නේ රියදුරාත් පදමට ගහලා ඉන්න ඇති අනිවාර්යයෙන්ම කණගාටු වෙන්න දෙයක් නැහැ. මේ ගොල්ලෝ ගැන...
අනේද කියන්නේ.පොලිසිය හැමදාම මහා ජනතාවට ප්රවේසමෙන් රිය පදවන්න කියනවා එත් මේ එයාලගේ ප්රවේසම තමයි.
බේබදු සංස්කෘතිය මුල් කර ගත් ලංකාවේ මගුල් ගෙදරක ගිහිල්ලා ආපහු පැමිණෙන පිරිමි අය බොහෝ දෙන හොඳ සිහියෙන් නෙවෙයි වාහනය පදවාගෙන ගෙදර එන්නේ.
දුම්රිය හරස් ස්ථාන වලට නිසි ආරක්ෂක විධිවිධාන යෙදීම මහාමාර්ග අධිකාරියේ වගකීමක් ..මැති ඇමැතියන්ගේ සුකොපභෝගී වාහන වලට කෝටිගණන් වැය කරනවා මෙවන් මාරක මුරකපොලු තුට්ටු දෙකේ උනබම්බු වලින් ආරක්ෂා කරන්න හදනවා ... අනේ අපොයි මෙහෙව් රටක් ..
මේකයි මේකේ ප්රධාන හේතුව ,නොසැලකිලිමත්කම. අපරාදේ අර ගැබිණි මව මේවා ඉතින් කාටකාටත් හොද පාඩම් .
දුම්රිය රියදුරා මීට වඩා පරීක්ෂාවෙන් ධාවනය කලා නම් වටිනා ජීවිත 2 බේරා ගන්න තිබුණ.