ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව විවාදයට ගත් අද දිනයේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු එයට සහභාගී නොවූහ.
විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරු පස් දෙනෙක් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වය දරති.
ඔවුහු පසුගියදා ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වූහ.
ඔවුන් මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදය සඳහා සහභාගීවී නැත්තේ එනිසා බව දැනගන්නට තිබේ.
ගෙන එන්නට යන ව්‍යවස්ථාව රටට අහිතකර බව කියමින් වීරවංශ මහතා පසුගිය දා චෝදනා කළ අතර ආණ්ඩුවේ ඇමැතිවරුන් කීවේ ඒ ගැන පාර්ලිමේන්තු විවාදයේදී කතා කළ හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසළොස්වක හඳ පායපු දවසට ගමේ දඩෝරියා නැතුව ගියා වගෙයි.
විවාද වලට නාවට පාඩුවක් නැහැ.
රට ජාතියට බලපාන යම් මාතෘකාවක් පිළිබඳව තර්කානුකුලව අදහස් දක්වා හඬ නැගීමට ඉතාමත්ම යෝග්‍ය තැනදී, ඒ සඳහාම අවස්තාව හිමිවුවත් එය මගහැර වෙනත් අදාළ නොවූ නොයෙක් තැන්වල දී කිසියම් කණ්ඩායමක අවශ්‍යතාව අනුව වූ මත හෝ තමන්ගේ මනංකල්පිත මත හෝ ඉදිරිපත් කර මිනිසුන්ගේ මොල කුරුවල් කරන පුද්ගලයින් ගැන පාඨකයින් වැඩි දෙනෙකු තුල පැහැදීමක් නැති බව මගේ වැටහීමයි. ප්රස්තුත කරුණට අදාලව තම හෝ තම පක්ෂයේ හෝ අදහස් හා මත ඉදිරිපත් කර , අවශ්‍ය ආදේශ , සංශෝධන කරවා ගැනීමට තිබෙන අවස්තාව මගහරින්නේ මෙතෙක් කල් දෙසා බෑ කෙබර හා තර්ක පුහු වී, ඇඳි සළු පිළි සබා මැද කීතු කීතු වී ගැලැවී යෑමට ඇති ඉඩකඩ වැඩි බව මැනැවින් පෙනෙන නිසා ඊට බයෙන් නේද ? එසේ නොමැති නම්, තමුන්ට ඉදිරිපත් කිරීමට කිසි මතයක් , තර්කයක් , කරුණක් නොමැති බැවින් යෝජනාවලියේ ඇති දෑ එකහෙලා පිළිගන්නා නිසා ද ?
ගිහින් එකේ ඇති වැරදි අඩුපාඩු හොඳනැති දේවල් පෙන්නලා දුන්නානම් මොකද?
තුන්මුල්ලේ විමලේ ගහන්න සැරසිලා ඉන්න බෝම්බ වැටෙයි කියන බයට තමා මුළු පස්සෙම පස්ස ගහන්නේ ! ඔහේල නාවට කමක් නැහැ, මැති සබේ ඉන්නේ වැඩක් කරන්න පුළුවන් උගත් අය තමා වැඩි වශයෙන්... ඒ ගොල්ලෝ ඒ වැඩ ටික හරියට කරාවි. කැමති නම්, මන්ත්‍රී ධුර වලිනුත් ඉල්ලා අස් වෙන්න. ඒක මුළු රටටම ඔබලාට කරන්න පුළුවන් ලොකු සේවයක් වෙනවා .
එකත් එකටම ඩීල් එකක්
ඉහල කෙනෙක්ගේ වුවමනාවට මොහු නිහඬ වෙලාද?
කට වාචාල කම තිබ්බාට විවාද වැදගත් විවාද වලට බයයි එයාලා ඔහොම කරන පළමුවෙනි අවස්ථාව මෙක නෙවෙයිනේ.....
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට විරුද්ධ අය එම විවාදයට සහභාගි නොවීම ප්‍රතිපත්තිගරුක තීරණයක්. හැබැයි පවතින ව්‍යවස්ථාවේ අත්‍යාවශ්‍යව කළ යුතු සංශෝධන කවරේද යන්න සෘජුව ප්‍රකාශ කිරීමටත් ප්‍රතිපත්තිගරුක විය යුතුයි.
මෙයාලගේ කට්ටිය නැති උනාට කමක් නැහැ...
"නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ව්‍යවස්ථාවක් හදන්න නීතියෙන් බලයක් නෑ" හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව විමල් වීරවංශ මහතා ප්රමුඛ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු අරන් ඇත්තේ නිවැරදි තීරණයකි.
බොරුවට පොත් ලිව්වට විවාද වලට බයයි නේද?
ආව කියල මොනවා කියන්නද? ජාත්‍යන්තරය තමයි මේක හැදුවේ කියනවා හැර. හැබැයි ඒකත් හොඳ ගුණයක්. නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියල තියෙන කතාව ඉඳ හිට හෝ පිළිපදින එක හොඳයි. හැබැයි ඒ අතරේ, පාර්ලිමේන්තු කැන්ටිමේ අඩුමිල රස බොජුන් අමතක නොකළ බවත් අපි දැක්ක.
කටේ සද්දේ විතරයි. වැඩ බැහැ.
තුම්මුල්ලේ විමලේ 8 පාස් කෙනෙක් නේ කතා කරන්න දන්නවා වුණාට මොනවද? දන්නේ ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ කෙනෙක් පා.ම. මහින්දගේ එල්ලිලා ඇමති කමක් කළාට අර රත්තරන් වගේ එයත් රත්තරන් මාල කඩාගෙන දුවන දුම්රියෙන් පැනපු කෙනෙක් නේ. එයත් ඇමති කමක් කරපු එකේ තව මොනවද මේ හොර නඩේ ගැන කියන්න තියෙන්නේ.