පෑලියගොඩ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ සයිටම් විරෝධී පාගමන සිකුරාදා(4) පෑලියගොඩින් කොළඹට ඇතුළුවීම තහනම් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(2) ප්‍රතික්ෂේප කළාය. 02 August 2017
‘මා කිසිවක් දන්නේ නැහැ’ - රවී කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්යක්ෂධුර දරන සමාගමෙන් යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය. 02 August 2017
“මුරපදය දුන්නානම් කතාව ඉවරයිනේ“ අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය’(Password) ලබා දුන්නා නම් කතාව එතැනින් අවසන් බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා එම තොරතුරු ලබා නොදෙන්නේ ඇයිදැයි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන්ගෙන් විමසීය. කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අර්ජුන් ඇ 02 August 2017
විශේෂ පොලිස් මෙහෙයුමකින් 2717 ක් අත්අඩංගුවට දිවයින පුරා අපරාධ සහ රිය අනතුරු නිවාරණ මුල් කොට විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ වැටලීමකින් පුද්ගලයන් 2717 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 02 August 2017
කෝපායි සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ් යාපනය කෝපායිහීදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා අද (02) නියෝග කළේය. 02 August 2017
දන්ත වෛද්‍යවරු අනතුරු අඟවති රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් නීති විරෝධී අන්දමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කරන්නට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කළහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව එම සංගමයේ ලේකම් දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 02 August 2017
‘වැරදි ඔප්පු වුණොත් රවී ගැන ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්නවා‘ අමාත්‍ය රවී කරුණානායක මහතා වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් ආණ්ඩුව සහ පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. 02 August 2017
කොටි ආපු විදියට යළි එන්න හදනවා - පොලිස්පති ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත්ත විදිහට නැවත එන්න හදන උත්සහය නැවත්විය යුතු බවටත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. 02 August 2017
දර කපන්නකුගෙන් අල්ලස් ගත්තැයි සැරයන් අත්අඩංගුවට දර කපන පුද්ගලයකුගෙන් රුපියල් 10000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන හොරොව්පොතාන පොලිසියේ සැරයන්වරයකු අද (02) එම පොලිසිය තුළදීම අල්ලස් හෝ දුෂණ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 02 August 2017
කයිලගොඩ සැකකටයුතු මරණයක් බදුල්ල-මහිංයගන මාර්ගයේ කයිලගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක භාරකරුවකු සිය කාමරය තුළ සැකකටයුතු අයුරින් මියගොස් සිටියදී අද (02) සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි. 02 August 2017
පැය 5 දී වරෙන්තු ලැබ 20 ක් අත්අඩංගුවට පිළියන්දල පොලිස් වසමේ ඊයේ (1) රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ පැය පහක මෙහෙයුමේ දී අධිකරණයෙන් වරෙන්තු ලැබ පුද්ගලයන් 20 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 02 August 2017
වතුකරයෙන් ගලනාල පිළිකා රෝගීන් වැඩි වේ උඩරට වතුකරයෙන් වාර්තා වන පිළිකා රෝගීන් අතරින් අති බහුතරය ගලනාලයේ පිළිකා වැළඳුණු රෝගීන් බව රෝහල්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන බව වකුගඩු රෝග පිළිබඳ පර්යේෂණයන් හි යෙදෙන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය ඡන්න ජයසුමන මහතා පවසයි. 02 August 2017
අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනකු ලබන 8 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද(2) නියෝග කළේය. 02 August 2017
රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය. 02 August 2017
ලක්ෂ 20 ක මුදල් හා දේපල සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට මොරටුව,දෙහිවල,කොහුවල හා ගල්කිස්ස පොලිස් වසම්වල රාත්‍රී කාලයේ වෙළඳසැල් නවයක් බිඳ ලක්ෂ 20 කට ආසන්න මුදල් හා දේපල සොරා ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් අද (2) අත්අඩංගුවට ගනු ලැබීය. 02 August 2017
සෞදි සිට ආ ගුවන් මගියෙක් මිය යයි සෞදි අරාබියේ ජෙඩා සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ගුවන් මගියකු අද (2) කටුනායක ගුවන් තොටුපොළේ දී මිය ගොස් තිබේ. 02 August 2017
අවුරුදු 3 කින් මෙහා අලුත් ආණ්ඩු හදන ක්‍රමයක් ව්‍යවස්ථාවේ නෑ ‘‘අද සමහරුන්ට බොහොම ඉක්මනට බලයට එන්න වුවමනා වෙලා තිබෙන බව පේනවා. ඔය ඕනෑම කෙනෙකුට අවුරුදු තුනකින් පස්සෙ එන මැතිවරණයකින් බලයට එන්න පුළුවන්. ඉන් මෙහා අලූත් ආණ්ඩු හදන ක්‍රමයක් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැතැයි’’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1) පැවැසීය. 02 August 2017
මදුරු මර්දනයට ගිය සිවිල් ආරක්ෂකයෝ තිස් එකකට ඩෙංගු ඩෙංගු මදුරු උවදුර තදින්ම පැතිර යන පෙදෙස් පිරිසිදු කිරීමට සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයන් 31 දෙනකු ඩෙංගු උණ වැළඳී රෝහල් ගත කර ඇති අතර එක් භටයකු මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 02 August 2017
හම්බන්තොට ගිවිසුම අධ්‍යයනයට ඇමැතිවරුන්ට කල් දෙයි හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අධ්‍යයනය කර ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිය මතය ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ. 01 August 2017
‘අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමිය හැකියි‘ බැඳුම්කර කොමිසමට බොරු කීම සම්බන්ධයෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද (01) කොමිසමට දැනුම් දුන්නේය. 01 August 2017
මොස්කව් අධිකරණයක වෙඩි තැබීමක් රුසියාවේ අගනවුර වන මොස්කව්හි අධිකරණ පරිශ්‍රයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා සඳහන් කරයි. 01 August 2017
පකිස්තාන නව අගමැති ෂහීද් කඛාන් අබ්බාසි පාකිස්තානයේ අගමැතිවරයා ලෙස එරට පාර්ලිමේන්තුවේ හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි තෝරා පත්කරගනු ලැබ තිබේ. 01 August 2017
ළමා ආරක්ෂක නිලධාරිනියක ගැන පරීක්ෂණ අරඹයි ළමා ආරක්ෂක වැඩ සටහන්වලින් මුදල් වංචා කළ බවට චෝදනා ලබා සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරිනියක පිළිබඳව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම පරික්ෂණ අරඹා ඇත. 01 August 2017
දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි දුම්රිය රියදුරන් විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් වැලකී සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. 01 August 2017
කඹුරුගමුවේදී දුම්රිය එන්ජිමක් ගිනිගනී මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු අංක 51 දරණ සීඝ්රගමි දුම්රිය එන්ජිමේ ඇති වු ගින්නක් දුම්රිය කාර්ය මණ්ඩලය හා මගීන් එක්ව අද (01) සවස නිවා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2017
‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘ හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. 01 August 2017
‘මාගම්පුර ගිවිසුම සංශෝධනය කළ හැකියි‘ හම්බන්තොට වරාය ගිවිසුම අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමේ හැකියාව ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු විවාදයේදී මැති ඇමතිවරුන් ඉදිරිපත් කරන අදහස් වුවත් එයට ඇතුළත් කිරීම ගැන සලකාබැලීමට රජය සූදානම් යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 01 August 2017
නියඟයෙන් පීඩාවට පත් පවුලටකට බඩු මල්ලක් නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල එක් පවුලකට රුපියල් 5000ක මාසික බඩු මල්ලක් නොමිලයේ ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 01 August 2017
“ඒ26 විවෘත කළොත් දළදා මාළිගාවට අහිතකරයි“ මහනුවර ශ්‍රී දළඳා මාළිගය ඉදිරිපිට වසා දමා ඇති ඒ ‐26 මාර්ගය යම්හෙයකින් නැවත විවෘත කළහොත් එයින් ඇති වන අහිතකර බලපෑම දළඳා මාළිගාවේ අත්තිවාරමට පවා විශාල හානියක් සිදුවිය හැකි බව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන්වීය. 01 August 2017
ඇවන්ගාඩ් නැව් කපිතාන් රෝහල් ගත කරයි ශ්‍රී ලංකා නාවික හමුදාව සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් පෙත්සමක් ගොනු කළ ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමේ යුක්රේන ජාතික නැව් කපිතාන් අද (1) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී රෝගාතුරවීම නිසා රෝහල් ගත කිරීමට උපරිමාධිකරණ ආරක්ෂක අංශ නිලධාරිවරු පියවර ගත්හ. 01 August 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026