(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ සයිස්ටන් පෙදෙසේ පවුල් 300 කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බැවින් තමන්ට නළ ජලය ලබාදෙන ලෙස ඉල්ලා අද (3) ප්‍රදේශවාසීහු උද්ඝොෂණයක් පැවැත්වූහ.
වසර 35 කට වැඩි කාලයක් මෙම ප්‍රදේශයේ පදිංචිව සිටින නමුත් පානීය ජල ගැටළුව විසඳීමට කිසිවෙකුත් තවමත් සමත් වී නොමැති බවයි. තමන් දැනට මුදල් ගෙවා ජලය ලබා ගන්නා බවත් ලීටර් 200 බැරලයක් රුපියල් 500 ක් පමණ වන බවත් ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුවම නම් අලංකාර සංදර්ශනයක් වගෙයි ! මේකත් පහුගිය රෙජීමය කාලේ රතුපස්වල සිදුවුණා වගේ "රතු දිය " ගලන දෙයක් නොවේවා ! කොහොම වුණත් දැන් තියෙන්නේ මහජන උද්ඝෝෂණ වලට කන් දෙන යහපාලන රජයක්නේ...
මීට වසර 9 කට ඉහතදී මගේ පෟෙද්ගලික මැදිහත් වීමෙන්, ලංකාවෙ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්තියකුත් විකාශය කලා, මේ ජල ගැටලුව සම්බන්ධව. ඉන් අනතුරුව එක්තරා දේවගැති වරයෙක් හා පුද්ගලික සමාගමක් විසින් ජල ව්‍යාපෘතියකට මුදල් යොදවන්න කැමතිබව දන්වලා ඒ රූපවාහිනී නාලිකාවෙන් මට දුරකථන ඇමතුම් කීපයක්ම ලැබුනා. නමුත් ඔය ඉන්න මිනිස්සුන්ගෙ තියන අසමගිය නිසා නල ලිඳක් කනින්න ඉඩමක් හා ප්‍රධාන ජල ටැංකිය හදන්න ඉඩමක් ලබාගන්න බැරි වුණා. ඒ අය හිතුවෙ මම අකුරණ ප්‍රාදේශීය සභාවට ඉදිරියේදි තරඟ කරන්න අවශ්‍ය ඡන්ද එකතු කරන්න යනවා කියල. මම මගේ උත්සාහය අත් හැරදැම්මා