කෝටියක රන් බිස්කට් සමඟ කොස්තාපල්වරු දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් එක්කෝටි හාර ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය පවසයි. 04 August 2017
අන්තරේ පාගමන අද කඩවතින් ඇරඹෙයි අන්තරේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නුවර සිට කොළඹට එන පාගමන අද (4) කඩවතින් ආරම්භ විමට නියමිතය. පාගමනින් කොළඹට පැමිණ කොළඹ දී රැළියක් පැවැත්වීමට සුදානමින් සිටින බව අන්තරේ ආරංචි මාර්ග කියයි. 04 August 2017
දැන්වීම් පුවරුවක් වැටීමෙන් කැලණියේ දැඩි වාහන තදබදයක් කැලණි පාලම හරහට ඇති නාම පුවරුවක කන්ටේනරයක් ගැටීමෙන් පසු එය මාර්ගය හරහා වැටී පතිතවිම නිසා දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි 04 August 2017
රාජකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ශ්‍රී ලංකා ශාඛාවක් ‘බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය - ශ්‍රී ලංකා සාමාජිකයෝ‘ සංගමය ආරම්භ කිරීම අද (3) ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවැත්විණි. 03 August 2017
ශිෂ්‍යත්ව ගුරුවරුන්ට තෑගි දෙන්න ගිහින් වැඩ වරදී මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ පන්ති භාර ගුරුවරුන්ට ත්‍යාග ලබාදීම සඳහා මුදල් එකතු කළ බවට චෝදනා එල්ල වී තිබෙන කුරුණෑගල නගරයට ආසන්න විදුහලක විදුහල්පතිවරයාට සහ පහ වසර ගුරුවරුන් පිරිසකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 03 August 2017
‘සයිටම් ආයතනයට අවශ්‍ය සුදුසුකම් නැහැ‘ සයිටම් ආයතනය උපාධි ප්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. 03 August 2017
වරෙන්තු ලැබ සිටි ‘සම්පත්‘ අතුරුදන් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරනු ලැබ සිටින නාවික ලූතිනන් ප්‍රසාද් චන්දන කුමාර හෙවත් ‘සම්පත්’ නැමැත්තා අතුරුදන් වී ඇතැයි ඔහුගේ බිරිද කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැල්ලම්පිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 03 August 2017
සෙල්ලම් තුවක්කුවක් පෙන්නා ලක්ෂ හතරක් කොල්ලකති පිළියන්දල නගරයේ පෞද්ගලික බැංකුවකට සෙල්ලම් පිස්තෝලයක් හා කළු ගලක් රැගෙන පැමිණි දෙදෙනකු මුදල් අයකැමිවරයා බිය කර රුපියල් ලක්ෂ හතරක් පමණ කොල්ල කා පලාගොස් ඇතැයි පිළියන්ද පොලිසිය කියයි. 03 August 2017
‘අධිකරණ ඇමති වගකීම් හරියට කළ යුතුයි‘ රටේ අධිකරණ ඇමතිවරයා සිය වගකීම් හරි හැටි ඉටු කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. 03 August 2017
ගොවියකුගෙන් අල්ලස් ගත්තැයි හිටපු ප්‍රා.සභාපති සිරගෙට කොරියාවේ රැකියා ලබා දෙන බව කියමින් ගොවියකුගෙන් රුපියල් 75,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු රඹෑව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර 13 ක සිර දඬුවමක් අද (03) නියම කළේය. 03 August 2017
ශ්‍රීලනීප ලේකම්ගේ මූලික විරෝධතාව කල් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ විමසීම ලබන 29 වැනිදා සිදුකිරීමට කොළඹ දිසා අධිකරණය අද (03) තීන්දු කළේය. 03 August 2017
නුසුදුසු සුදුලූණු විකිණීමට තැබූ ව්‍යාපාරිකයාට සිර දඬුවම් පරිභෝජනයට නුසුදුසු සුදුලූණු කිලෝ 50000ක් විකිණීම සඳහා වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජාඇල ඒකල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද(4) මසක සිරදඬුවමක් නියම කළේය. 03 August 2017
රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය. 03 August 2017
සීඑස්එන් නාලිකාවට ගොනු කළ පෙත්සම ඔක්තෝබර් 9 වැනි දා තම විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාවට ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් සමතයකට පත්වීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 9 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (3) තීන්දු කළේය. 03 August 2017
මුතුරාජවෙලට කුණු දැමීම-අතුරු තහනම දිගු කෙරේ මුතුරාජවෙල අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය. 03 August 2017
යාපනයේ තරුණයින් දෙදෙනකු කපාකොටා දාලා යාපනය චුන්නාකම් පොලිස් වසමේ කන්කසන්තුරෙයි මාර්ගයේ දී නාඳුනන යතුරුපැදි කණ්ඩායමක් පැමිණ තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවත් කැපුම් තුවාල ලැබූ තරුණයින් රෝහල්ගත කරනු ලැබ ඇති බවත් චුන්නාකම් පොලිසිය පවසයි. 03 August 2017
ලක්ෂ පහක රන් බඩු කොල්ල කෑ තුනක් අත්අඩංගුවට පයාගල ,මතුගම,දොඩම්ගොඩ හා වැලිපැන්න පොලිස් වසම් වල මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් රන්මාල 12 ක් කොල්ල කෑ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 August 2017
වාසනා ඇතාගේ ඇස් අන්ධ කරන්න එපා කතරගම මහා දේවාලයේ දේව පිළිමය වැඩම කරවන වාසනා හස්තියාගේ ඇස් වලට හානි සිදුවෙන බැවින් කරඬුව වෙත සුවඳ විලවුන් විදීමෙන් සහ සුවද වර්ග විසි කිරීමෙන් වළකින ලෙස කතරගම මහා පෙරහරේ අලි ඇතුන් බාරව ටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු හා නැගෙනහිර පළාත් බාර පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. 03 August 2017
ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට ඇතුළුවීම තහනම් කෙරේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය. 03 August 2017
සීදුවේ වෙඩි තැබීමක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු හා තවත් පිරිසක් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබෙන අතර ව්‍යාපාරිකයා සිය ගිනි අවියෙන් වෙඩි තැබීමක් ද සිදුකර ඇති බවද පොලිසිය කියයි. 03 August 2017
නව පළාත් පාලන සංශෝධනයට විරුද්ධයි කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. 03 August 2017
කෝපායි සිද්ධියට තවත් දෙන්නෙක් සැකපිට යාපනය කෝපායිහී දී පොලිස් නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු කෝපායි හා නල්ලූර් ප්‍රදේශවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (03) අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි. 03 August 2017
ඇලෝසියස්ගේ කෙටි පණිවිඩ නීතිපති දෙපාර්තමේන්තුවට පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් යළි සොයාගෙන අද(3) නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 03 August 2017
ඇලෝසියස්ගේ මඟුලට මෛත්‍රී සහ මහින්දත් ගියා - රවී කරුණානායක නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (02) පැවසීය. 02 August 2017
සයිටම් ප්රශ්නය විසඳන්න වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක් මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම නවතා දමන්නැයි නිර්දේශ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත. 02 August 2017
කෝටි 55කට චෛත්‍ය අනුරුවක් විකුණන්න හැදූ දෙන්නෙක් දැලේ මිල කළ නොහැකි ඉපැරණි වටිනාකමකින් යුත් රතු හා නිල් මැණික් ඔබ්බවන ලද දඹරන් පිළිමයක් සහිත කළුගලින් නිමවූ වෛත්‍ය අනුරුවක් රුපියල් කෝටි 55කට විකිණීමට උත්සාහ කළ හිටපු නාවික හමුදා සෙබළකු හා ත්‍රී රෝද රියදුරකු ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන අංශය පවසයි. 02 August 2017
20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය සියලු පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීමට හැකි විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 02 August 2017
මංගල මාධ්‍ය කලාව ගැන කියයි රජය මාධ්‍යවේදීන්ට නීති හෝ ආචාරධර්ම පැනවීමට පියවර නොගන්නා නමුත් ස්වයංව නීති රීති පනවාගෙන ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීමක් මාධ්‍යවලට තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 02 August 2017
වරාය විවාදය කඩාකප්පල් කිරීම ගැන දයාසිරි කියයි හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අදහස් දැක්වීමට ආණ්ඩුව ලබාදුන් විවාදය ඒකාබද්ධ විපක්ෂය කඩාකප්පල් කරනු ලැබුවේ එක්තරා තානාපති කාර්යාලයක අවශ්‍යතාවයක් ඉටුකිරීමට යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. 02 August 2017
පාදෙණියට එරෙහි පෙත්සම කල් යයි මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම ලබන සැප්තැම්බර් 08 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය. 02 August 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026