ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ජනතා අදහස් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට අදාළව පස් දින විවාදය ලබන 08 වැනි දා පැවැත්වීමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩෙවි සහ ෆෙස්බුක් මෙම ජනතා අදහස් ලබා ගැනිමේ මත විමසුම ආරම්භ කෙරේ.
වෙබ් අඩෙවි හා ෆෙස්බුක් හරහා ‘‘වෙබ් කමෙන්ට්” මගින් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ටද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරිමට අවස්ථාව උදාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථාවක් තුලින් රටක මහා සම්ප්රදාය පිළිබිඹු විය යුතුය. මහා බ්‍රිතානයේ පවා සම්ප්රදාය, ව්‍යවස්ථාව ලෙස සැලකෙන්නේ ඒ නිසා නොවේද? මේ ව්‍යවස්ථා යෝජනා මාලාවේ නැත්තේද එයම නොවේද? ඒ නිසාම මේ ව්‍යවස්ථා යෝජනා නිෂ්ප්රයෝජන වන අතර, එනයින් නිශ්ප්රභාද වේ.
අපිට නම් ඔය වගේ ව්‍යවස්ථාවක් එපා. ඔය සම්පාදක කමිටුව අන්තවාදීන් නියෝජනය කරන්නක්. නිදහස් මතය සහ බහුජනතාව නියෝජනය වෙන්න නැහැ.
නව ව්‍යවස්ථාවක අරමුණවිය යුත්තේ ජාතියේ සාරය උරාබොන දේශපාලන කිනිතුල්ලන් අවම කර රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂම කිරීම මිසක් කිසිදා සංතෘප්ත නොවෙන බලලෝභය බෙදීම නොවේය...
සීමිත ජන කොටසකගේ එනම් 5% පමණ ජනතාවගේ අදහස් අරන් වැඩේ දෙන්න හදන්නේ.
එපා කියන්න පමණි දන්නේ. ව්‍යවස්ථාවට ඕනේ මොනවද?