මත්පෙති හා ගංජා සමග අයෙක් කොටුවෙයි රුපියල් ලක්ෂ 30 ට ආසන්න විස මත්පෙති 2000 ක් කේරළ ගංජා තොගයක් සමග වැල්ලම්පිටිය මෙගොඩ කොළොන්නාව ප්‍රදේශයේ පුද්ගලයකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 August 2017
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස හා අතුරුදන් වූවන් සොයාදෙන ලෙසත් ඉල්ලා අද (8) කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. 08 August 2017
බහරේන්හී ලක් කත ගැන තොරතුරු සොයයි බහරේන් රාජ්‍යයේ සල්මානියා රෝහලේ ප්‍රතිකාර ලබන ශී‍්‍ර ලාංකික කාන්තාවක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතා සහය පතයි. 08 August 2017
ලොරි-වෑන් අනතුරින් අයෙක් මරුට වවුනියාව ඒ-9 මාර්ගයේ ඩිපෝව ඉදිරිපිටදී අද (08) වෑන් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය කියා පවසයි. 08 August 2017
කාන්තා වැසිකිලියේ කැමරා හැංගුවැයි දොස්තරට නඩු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීය. 08 August 2017
විශ්වාසභංගය ගැන තීරණය බ්‍රහස්පතින්දා - කථානායක විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (10) පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත හැකි බව කථානායක කරු ජයසූරිය මහතා අද(8) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 08 August 2017
‘ජනපති සති දෙකක් ඇතුළත තීන්දුවක් ගනීවි‘ - ලක්ෂ්මන් යාපා බැඳුම්කර වංචාව සම්බන්ධව චෝදනාවට ලක් වී සිටින ඇමැතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සති දෙකක් ඇතුළත තීන්දුවක් ගනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 08 August 2017
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ස්විස් කුමාර් මුදා හැරියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 22 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (8) නියෝග කළේය. 08 August 2017
රවීගේ විශ්වාසභංගය ගැන කතාවක් නෑ විදේශ ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් නොකළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය. 08 August 2017
‘ආවා‘ සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි කෝපායි හීදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකිරීමෙ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ යාපනය ‘ආවා‘ කල්ලියේ නායක වික්ටර් නිශා ඇතුළු සැකකරුවන් 6 දෙනා පැය 72 රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට යාපනය මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර දී ඇත. 08 August 2017
උතුරු මැද පළාත් සබේ ගාල ගෝට්ටියක් උතුරු මැද පළාත් සභාවේ අද (8) දින පෙරවරුවේදි නව සභාපති ඩි.එම්.අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මුල් මාසික රැස්විම ගාල ගෝට්ටි හු හඩ සහ ගිනි තැබීම් මධ්‍යයේ විනාඩි 45 කින් අවසන් විය. 08 August 2017
ලංගම බසය ප්‍රපාතයට මාවනැල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් උස්සාපිටිය නගරයේදී අද (08) පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් එක් කාන්තාවක බස් රියට යටවී මියගොස් මගීන් 13 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 08 August 2017
කතරගම වන්දනාවේ පැමිණි බස්රියටම යටවී දෙන්නෙක් මරුට කතරගම ඇසල පෙරහර උත්සවයට පැමිණි පිරිසක් තමන් පැමිණි බස් රථය අසල ක්‍රීඩාංගණයේ නිදාගෙන සිටියදී බසය පිටුපසට ධාවනය කිරීමේදී අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 08 August 2017
උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. 07 August 2017
රවීට ඉල්ලා අස්වන්නැයි බලපෑම් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ ඉහළම නායකයින්ගෙන් එල්ලවන බලපෑම් වැඩිවෙමින් තිබෙන බව වාර්තා වේ. 07 August 2017
බදුරලියේ මාර්ග කොටසක් නායයයි ධාරානිපාත වැසි හේතුවෙන් බදුරලිය, අත්වැල්තොට, දිගන්න මාර්ගයේ මීටර් 50ක පමණ ප්‍රදේශයක් නාය ගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි. 07 August 2017
ආවා කල්ලියේ හයක් අත්අඩංගුවට ආවා කල්ලියේ නායකයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු කඩු දෙකක් සමඟ පිටකොටුව,යාපනය හා මට්ටක්කුලිය ගත් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි. 07 August 2017
රිය ඇතුළේ දරුවකු මියගිහින් අක්කරපත්තුව ඔලුවිල් ගම්මානයේ දරුවකු (6) තම නිවස අසල තිබු මොටර් රථය තුළට ගොස් දොර වසාගෙන සිටියදි මොටර් රථයෙන් එළියට ඒමට නොහැකිව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 07 August 2017
වීසා නැතිව සිටි ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට වීසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයකු ගාලූ පාරේ දී අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි. 07 August 2017
කොරියාවේ කම්හලක නුල් මැෂිමකට හසුවී ලාංකිකයෙක් මරුට කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයකු සේවා ස්ථානයේදී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 07 August 2017
පර්පෙචුවල් ලොක්කා බැඳුම්කර කොමිසම හමුවට පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට කොමිසම පියවර ගෙන ඇත. 07 August 2017
පලෙයි හි ගැටුමකින් සිව් දෙනෙක්ට කැපුම් තුවාල කිලිනොච්චි පලෙයි අයියකච්චි ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනකු කැපුම් තුවාල ලබා කිලිනොච්චි හා පලෙයි රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 07 August 2017
මහනුවර රන්දෝලි මහ පෙරහර අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (07) නිකිණි පෝදින වීදි සංචාරය කරයි. 07 August 2017
කතරගම මහ පෙරහර අද රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහ පෙරහර අද (7) රාත්‍රියේ පැවැත්වේ. 07 August 2017
ඊ.පී.එෆ් බැඳුම්කර වාර්තා ගැන දැනුම් දුන්නත් අප යැවූ වාර්තාවවත් යළි එව්වේ නෑ මාසයක කාලයක් තුළ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 710ක මුදලක් එක්රැස්වන්නේ යැයිද එහි පරිපාලන කටයුතු සඳහා රුපියල් කෝටි 12 1/4ක මුදලක් වැය වන්නේ යැයිද සේවක අර්ථසාධක අරමුදලේ හිටපු අධිපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය. 07 August 2017
කොටි කාලේ ක්ලේමෝ බෝම්බ මලයාලපුරම් ළිඳකින් කිලිනොච්චිය, මලයාලපුරම් ප්‍රදේශයේ ළිඳක් හා පච්චිලිපලෙයි හි කැළෑ ප්‍රදේශයක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් භාවිතා කළ ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 07 August 2017
අද අර්ධ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට අද(8) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට අවස්ථාව සැලසී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 07 August 2017
ලක්ෂ 37 ක් වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 37 ක් වටිනා හොරායින් මත්කුඩු තොගයක් සමඟ පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත්බව ගුවන්තොටුපොළ රේගු මත්දුවය නාශක අංශය කියයි. 07 August 2017
වෙනිසියුලාවේ වැලෙන්සියා හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක් වෙනිසියුලාවේ තෙවැනි විශාලතම නගරය වන වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව එරට බලධාරීහූ පවසති. 07 August 2017
ශ්‍රීලංකන්-හම්බන්තොට වරාය බිලියන 181ක් ගිල්ලා - අගමැති ‘හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් සිදු වුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිරිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026