(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරු සිව්දෙනාට ලබන 15 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (7) සිතාසි නිකුත් කළේය.
දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ශ්‍රීලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස මහත්වරු මෙලෙස චෝදනා ලැබ සිටිති.
මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකු වන බන්ධුල සේන මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ , මම ළගත් තියනවා ගුවන් තොටුපොල රෙගු නිලදාරිය්ක් රුපියල් 1,50,000 ක් ඉල්ලලා මට එවපු මස්සේජ් එකක් මම ලංකාවට එනකන් ඉන්නේ වැඩේ පටන් ගන්න ,,,මගේ නෝනව සියලුම ලියකියවිලි තිඑද්දි හොරපාරෙන් ඉතාලියට ලංකාවෙන් පිටත් කරන්න ,,,
අලුත්ම තත්වේ අනුව නම් ඉතින් දශක හතරක් වත් කල්දේරම් බත් කන්න වෙයි. හැබැයි ඉතාලි කන්ටේනර් කරුවන්ට අනුව නම් තවමත් තත්වේ එසේම තමයි. පළඟටියෝ ගින්දර ළඟටම යන්න හරි ආසයි.
මේ අය මහත්තුරුද ? මහත් හොරුද ?
අනෙක් හතර දෙනාත් ස්වාබවිකව මැරෙනකම් නඩුව මේ වගේ දිගටම ඇද ගෙන යන්න. එතකොට දඩුවම් දෙන්න කෙනෙක් ඉතුරුවෙන්නේ නැහැ .