(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
ඉන්ධන පිරවුම්හල්වලට පෝලිමේ ගොස් පෙට්‍රල් ලබා ගෙන ඒවා පිටතට රැගෙනවිත් වැඩි මිලට විකිණීමේ ජාවාරමක් මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.
ඒ අනුව ඉන්ධන පිරවුම්හල්වලින් රුපියල් 94 කට ලබා ගන්නා පෙට්‍රල් බෝතලයක් රුපියල් 200කට අලෙවි කරන බවත් රුපියල් 200 ක වටිනාකමකින් යුතුව කෑන් වලට ලබාගන්නා පෙට්‍රල් රුපියල් 500 කට අලෙවි කරන බවත් කියැවේ.
ගම්මාන තුළ වෙළෙඳසල්වලට වැඩි මිලට පෙට්‍රල් අලෙවි කරන බවත් ජනතාව පවසති.
මීට අමතරව තවත් සංවිධානාත්මක පිරිසක් පෝලිම්වල ගොස් පෙට්‍රල් කෑන්වලට ලබා ගෙන ඒවා පෝලිමේ පිටුපස වාහනවලට වී පැය ගණන් රස්තියාදු වී සිටින රියදුරන්ට වැඩි මිලට විකුණා මුදල් ලබා ගන්නා බවට ද තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
කෙසේ වෙතත් ඒ ආකාරයට වැඩි මිලට පෙට්‍රල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල්ද කාලයද වැඩිපුර වටින්නේ?
එක කොමද පෙට්‍රල් ජාවාරමක් වෙන්නේ. සල්ලිකාර මහත්තුරු වෙනුවෙන් පෝලිමේ හිටගෙන ඉන්න එක හොඳ ජොබ් එකක්.
මේවා තමයි ජාවාරම් !!! එතකොට මැති ඇමති, මන්ත්‍රී, රාජ්‍ය නිලධාරින් කරන්නේ පුංචි පුංචි හොරකම්, ඒවා ගැන සොයන්න ජනාධිපති කොමිසන් තියෙනවා. පස්සේ නිදොස් කොට නිදහස් කරනවා. මේ වගේ කිසිම කෙනෙකුට හානියක් නැති, තියෙන කෙනාට ගන්න පුළුවන්, නැති කෙනාට පෝලිමේ ඉන්න පුළුවන් අතුරු වෙළඳාමක් කලොත් ජාවාරම් කියලා හිරේ දානවා... මේ අයට එ්ක තේරෙන්නේ නැති එක අපේ කරුමේ .... වෙලාව කන්නේ නැතුව වැඩි ගාණට හරි පෙට්‍රල් ගන්න තියේනම් කොතරම් ලොකු දෙයක්ද?
බුදු දහම තියෙන්නේ ව්‍යවස්ථාවේ විතරයි. හැම තැනම ජාවාරම්. පන්සිල් ගන්නවා, සිල් ගන්නවා, දහම් පාසල් යනවා, පල්ලි යනවා, කෝවිල් යනවා, දේවාල ගානේ යනවා ඔක්කොම හොර වැඩ කරනවා... ඔහොම යමු මෙම බස් රථයට බුදු සරණයි දෙවි පිහිටයි
ඒක ස්වයං රැකියාවක්