(නිලූක සඳුන් බණ්ඩාරනායක)
සයිටම් ව්රෝධී උද්ගෝෂණවලට දින කිහිපයක සිට පාසල් සිසුන් යොදා ගන්නා බවට දෙමාපියෝ චෝදනා කරති.
ගම්පහ, හලාවත සහ අනුරාධපුර ආදි පෙදෙස් කිහිපයක එලෙස සිසුන් යොදාගෙන තිබේ.
කලින් සූදානම් කර තිබූ විරෝධතා පුවරු සිසුන් අතට දෙමින් මෙම විරෝධතා පවත්වන බව දෙමාපියෝ පවසති.
සයිටම් විරෝධී සටනට සහාය දක්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් මේ ගැන විමසූ විට ඒ මහතා පැවසුවේ දේශපාලන වැඩවලට සිසුන් යොදා ගැනීම වැරදි බවයි.
ඒ මහතා මෙසේද කීවේය.
“දේශපාලන හෝ වේවා උද්ඝෝෂණවලට පාසල් සිසුන් යොදාගැනීමට අපි එකඟ නෑ.සයිටම් විරෝධී වැඩපිළිවෙලට අවශ්‍ය කාර්යභාරය ඔවුන් වෙනුවෙන් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ සංගම් වශයෙන් අපි කරනවා.ඒ නිසා මේවට පාසල් සිසුන් යොදාගැනීමට අවශ්‍ය නෑ.මේවට පාසල් සිසුන් එන එක ගැන අපේ එකඟත්වයක් නෑ.අපි සටන් කරන්නේ ඒ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්.අපි දැක්කා සාරි පොට අල්ලන් ඉන්න වගේම ජේවීපී එකේ මැයි දිනයටත් ළමයි යොදාගෙන තිබුණා.අපි ඒවා අනුමත කරන්නේ නෑ.විශ්ව විද්‍යාල ළමයින්ට වගේ දේශපාලන නිදහසක් පාසල් සිසුන්ට නෑ.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසුගනන්වල සිට රජයේ විශ්වවිද්‍යාල කඩාකප්පල් කර පුද්ගලික විශ්වවිද්‍යාල වලට තැනක් සහ විශ්වාසයක් ලබා දුන් මොවුන් දැන් පාසල් වලටත් රිංගන්න පටන් අරන්. පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිවීමට හේතුව මොවුන්.
සයිටම් වහන්නම එපා, තව තවත් පුද්ගලික වෛද්‍ය විදුහල් ඕනා .
පාසල් දරෝවෝ දෙමාපියෝ මෙයට සහයෝගය දැක්විය යුතුය ,,මොකද මෙය පළමු පන්තිය දක්වා පෙලගැහෙන ක්‍රියාවලියක් ,,තේරුම් ගන්න ,,,අවසන් වරට තේරුණා වේද සිසුන්ට හැකිනම් පාසල් සිසුන්ටත් බැරි මොකද ,,,සෛටෙම් නොවැසුවොත් පෝලිම දිගට තියේවි ,,,එක්වන්න සියලුම දෙනා ,,,මෙහි කිසිම දේසපාලන පක්ස හෝ විපක්ස ක්‍රියාවලියක් නැත ,,,,,,,
මේක මහා අපරාදයක් මේ විදිහට පාසල් ළමුන් යොදාගන්නවානම් දේශපාලන වාසිතකා. විශ්වවිද්‍යාල සිසුන්ට ඉගෙනීම නොවෙයි දේශපාලනයයි දැන් අවශ්‍ය වී ඇත්තේ , ඔවුන් විනාශයට යන ගමන් අනික් තරුණ දර්වන්ගේ ජීවිතද නාස්ති කරමින් ඔවුන්ගේ අනාගතයද කා අගාදයට ඇද දමයි මේවා සහ ගහන අපරාද. මේවා පිටුපස විමුක්ති කාමීන් [ජා.වී. පෙ සහ තවත් ]කියා ගත් රටත් අනාගත පරපුරත් කාදමන විනාශකාරී බලවේග ඇත , මේ සියල්ලක්ම ඔවුන්ගේ අනගත අදිෂ්ටාන අරමුණු කොට ගෙනය , මේවට අසුවී සිටින දෙමාපියන්ද ඇත අහෝ දුකට කරුණකි. නොපෙනේද මේ රැවුල් වවාගෙන සිරගෙවල් වල ලගිමින් , දේශනා රැලි පවත්වමින් , ජනතාවට අවහිරවනසේ අරගල කරමින් රටේ මහජන දේපොළ විනාශ කරමින් පෙරමුණේ සිටින මොවුන්ට බැලුවහම ශිෂ්‍යයෝ කිව හැකිද? රටේ ජනතාවට සහ මවු පියන්ට නොපෙනෙන එකයි හේතුව සහ දුක. මොවුන් සැරසෙන්නේ 71 වකවානුවේ මෙන් ලෙයින් තෙත් කොට රටට හොඳ උගත් අනාගත තරුණ පරපුරක් අහිමිකිරීමටද? කවුරුත් විමසිල්ලෙන් සිටිය යුතයි , ආණ්ඩුව සමග ඇති ප්‍රශ්න වෙනත් අයුරින් විසඳා ගත යුතුයි , මේ ලොකු විනාශයක පෙර ලකුණු.සමජවදිත්වය ලොව මෙන් ලෝකවාසී ජනතාවද පිලිනොගනියි , ප්රතික්ෂේපකරයි . මෙය මානසික අරගලයකි.
දැන් බොරුවට විරුද්ධව දගලන වීරයෝ ටික එදා ආරම්භ කරනකොට කොහෙද හිටියේ?පාසල් ලමුන්ට පාසලට ඇතුල් කරපු දවසේ ඉදලම පුද්ගලික උපකාරක පන්ති පැවැත්වෙන බව දන්නේ නැද්ද?ඒවාගේ ප්‍රමිතිය ගැන හොයන්න බලකරන්නේ නැත්තේ අැයි.ෂයිලොක් මස් රාත්තලම ඉල්ලුවා වගේ වැඩක් නොකර ටිකක් බුද්ධිමත්ව අපක්ෂපාතීව මේ ප්‍රශ්නෙට මැදිහත් විය යුතුයි.
පාසල් ළමයි උත්සවවලට යොදා ගන්න එපා කියලා කෑගහන ජවිපෙ නේද මේ පාසල් ළමයි උද්ගෝෂණ වලට යොදා ගන්නේ ? ස්ටාර්ලින් සහ මහින්ද ජයසිංහ දැන් කොහේද ඉන්නේ ?
විශ්ව විද්‍යාල වලට දක්ස පාසල් දරුවෝ තේරී පත් වෙති එබැවින් මෙය එම දරුවන් හටද බලපානු ලැබේ