අජන්ත කුමාර අගලකඩ
ඛනිජතෙල් අර්බුදය හේතුවෙන් අද දහවල් පැවැති කැබිනට් රැස්වීමද දැඩි උණුසුම්කාරී වී ඇත.
ඛනිජතෙල් අර්බුදය පිළිබඳව ඇමැති අර්ජුන රණතුංග මහතා ඇමැති මණ්ඩලයට කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඇමැතිවරුන් කිහිප දෙනකු ඊට පක්ෂව හා විපක්ෂව අදහස් දැක්වීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිව තිබේ.
දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි යන ඇමැතිවරුන් අර්ජුන රණතුංගට එරෙහිව අදහස් දක්වා ඇති අතර දයා ගමගේ ඇමැතිවරයා අර්ජුන රණතුංග ඇමැතිවරයාට පක්ෂව අදහස් දැක්වූ බව වාර්තා වේ.
පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අදහස් දක්වමින් මෙය මාෆියාවක් බවත් මේ ගැන වහාම සොයා බැලිය යුතු බවත් සඳහන් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වමින් මේ ගැන වහා පරීක්ෂණයක් කළ යුතු බවත්, වගකිවයුතු අයට දඬුවම් දිය යුතු බවත් සඳහන් කර තිබේ.
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට ඇමැතිවරුන් සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් ද කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කීදෙනෙකුට දඩුවම් දුන්නද
ඉසේ ඇම්මට කොට්ට මාරු කරලා වගේ!
මෙතුමා ඕනෑම දෙකට කමිටු දානවා අන්තිමට නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
පුදුමයි මහින්දව තාම ගෑවුනේ නැහැ. හෙට විතර වෙනකොට විශේෂ කමිටුවෙන් සමහරවිට හොයාගන්න ඉඩ තියනවා
අනේ මට බඩ යනවා ... අතීසාරය .... කමිටුවක් පත් කරන්න බැරිද...????? (මාස ගණනකට පසු ...... අමුඩයක් එවා ඇත....... ලෙඩා මැරී ඇත...)
හොර තක්කඩි රැළ...
මේ රජය බලයට ආ දවසේ ඉදල මේ වනවිට පත්කරපු කමිටු ප්‍රමාණය සහ ඒ එක කමිටුවකට අඩුම තරමේ 5 දෙනෙක් සේවය කරනවා කියල සැලකුවහොත් ඉක්මනින්ම පිට රටිනුත් මිනිස්සු ගෙන්නන්න වෙනවා. ඒ තරම් කමිටු ප්‍රමාණයක් පත්කරා. කිසිම තීරණයක් ගන්නට කොන්දක් නැති නිසා කමිටුවක් පත්කර තමන්ගේ නෑදෑ හිතවතුන් පත්කර වාහන කාර්යාල ලබාදී රටේ මහජන මුදල් මිලියන කිහිපයක් වෙන්කර ජනතාවට ප්රශ්නය අමතක වනතුරු ඇදගෙන යයි.අනේ රටකට ගිය කලක්.
රටේ තිබෙන ඛනිජතෙල් සංචිතය පිළිබද අවබෝධයක් නැද්ද ඛනිජතෙල් ඇමතිතුමාට.
වගකිව යුත්තන්ට දඩුවම් දිය යුතුයි වහාම.එයයි යහපාලනය. මොකද අපේ බදු මුදල් වලින් තමා රජයේ සේවකයන්ට මෙන්ම ආණ්ඩුවත් නඩත්තු වන්නේ.
ඇමති තුමාට තෙල් ප්රශ්නය එච්චර ගානක් නැහැ. ඊට වඩා වැදගත් , මැච් එකක් පරදින කල් බලා ඉඳල , බාල්දියක් පෙරළලා ක්‍රිකට් මණ්ඩලේ ට කොහොම හරි මල්ලිත් එක්ක පනින එක.
දැන් ඔක්කොම හරි. කමිටුවක් දැම්මනෙ. කවදද කමිටු දාල ලංකාවෙ හරි වැඩක් කළේ? තනි තීරණ ගන්න බැරි ජනාදිපති කෙනෙක් වෙල මැද්දෙ හිටවන්න්නද? ඔබ තුමා නිර්භය තීරන අරගෙන අවංකව වැඩ කරනවා නම් අපි ඔක්කොම ඔබ සමගයි.
ජනාධිපති කැබිනට් එකේදිද දන්නේ තෙල් නෑ කියල. මේක එක එකාගෙ මාෆියාව නෙමෙයි මේ රටට අඩු තරමේ සතියකට ප්රමිණවත් තරමිවත් තෙල් ගබඩා කර ගන්න ඕන කියන එක ගැන තැකීමක් හෝ ඒ සම්බන්ධ මොළයක් තියන එකෙක් පරිපාලනේ නැති එක. බොරුවට කමිටු පත් කරල කොලේ වහන්න හදන්න එපා අපි ඔය මඟුල් අහල දැකල දැන් තිත්ත වෙලා තියෙන්නේ.
මේකටත් රාජපක්ෂ වැරදි කාරයා විය යුතුයි.
අපේ පෙට්රෝල් ෂෙඩ් එකේ බයික් ත්‍රීවිල් පෝලිමේ පෝලිම් පනිනවා... අනේ ජනාධිපති කමිටුවක් දාලා බලන්නකෝ.
සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් ගෙනල්ල ලංකාවේ පිරිපහදු කරනවානම් පෙට්‍රල් කියන්නේ අතුරුපලයක් .එහෙම නැතිව පෙට්‍රල් පිරිපහදු කරපුව කෙලින්ම ලංකාවට ගෙන්වන්නේ ඇයි කොහොම උනත් තෙල් සංචිත අඩුම මසයකටවත් තිබිය යුතුයි කියලා මටනම් හිතෙන්නේ.....
තෙල් මිලදී ගන්න ප්‍රමිතියක් ඇතිනේ.......එයට අනුකූල නැතනම් ප්‍රතික්ෂේප කිරීමට නීත්‍යානුකූලව පුළුවන් . සැපයුම්කරු නියම ප්‍රමිතියට භාණ්ඩ සැපයීමට බැදී සිටී. ඔයතරම් දඟලන්න දෙයක් නැහැ.
අනේ මට මේවට හිනා.....
ඛනිජතෙල් අර්බුදය පිළිබඳව ඇමැති අර්ජුන රණතුංග මහතා වගකිව යුතුයි. වගකිව යුතු ඇමතිවරයෙක් වශයෙන් තෙල් සංචිතය පිළිබද හොද අවබෝදයක් තිබිය යුතුයි. ක්‍රිකට් ගැහුවට මේ අය ජනතා නියෝජිතයෝ හැටියට ඇයි පත් කරන්නේ. අසාර්ථකබාවය පෙන්නුම් කලා. ජනතාවත් වග කියන්න ඕන මේවගේ අය පත්කිරීම ගැන.