(රංජන් කස්තුරි)
ගාල්ල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව පාර්ලිමේන්තු මන්ත්රී ලෙස පියසේනගමගේ මහතාගේ නම හෙට (08) ගැසට් පත්රයේ පළකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ගාල්ල දිස්ත්රික්කයේ එජනිස ධුරයක් පුරප්පාඩු පවතින බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබිණි.
ඒ අනුව එජනිස ගාල්ල ලැයිස්තුවේ ඊළඟට මනාප ලබාගත් අපේක්ෂකයාගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දෙන්නැයි එම කොමිසම ගාල්ල දිස්ත්රික් තේරීම්භාර නිලධාරියාට දන්වා යවා තිබිණ.
ගාල්ල දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරයා පියසේන ගමගේ මහතාගේ නම අද කොමිසමට එවීමට නියමිතව තිබේ. එලෙස නම එවීමෙන් පසු කොමිසම රැස්වී තීරණයක් ගෙන එම අපේක්ෂකයාගේ නම ගැසට් කරන බව කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට වැඩක් ඇත. රටට වැඩක් නොමැත.
එහෙනම් මෙයාටත් පරණ පිනක් ඔළුවට කඩා වැටුන වගෙයි ! අනේ හොඳයි. ගාල්ල දිස්ත්රික්කයේ එජනිස ධුරයක් පුරප්පාඩු වුනේ කොහොමද කියාත් මේ ප්රවුර්ත්තියෙන් කිවුවා නම් හොඳයි නේද ?
මොනවද ඉතින් පත්වෙච්ච දවසෙම ඉඳල සැපගන්න පටන්ගනී. මේගොල්ලන්ට සැප ගන්න වාහන ගන්න රට යන්න දරුමල්ලන්ට හම්බ කරන්න තමයි මුළු කාලෙම යොදන්නේ. මේ වගේ යක්කු ලබන්න අපි පව්කරලා තියෙනවා..
මෙයා අවුරැදු 20 ක් විතර මන්ත්රී කම් ඇමතිකම් දැරුවට මොනවද රටට , පළාතට වුනේ ? අන්න එකට රිචර්ඩ පතිරණ මහත්තය . මැරුණත් අදටත් මිනිස්සු ඒගැන කතා කරනවා.
මේ මනුස්සයා ජල සම්පාදන මණ්ඩලයේ වතුර හෙරෛන් අරන් නිතියෙන් වරද කරු වි දඩ ගෙවිමට සිදුවු පුද්ගලයෙක්. දිව්ත්ව පුර වැසිනියක් වෙනුවට වතුර හොරෙක්ද?