(ඉන්දිකා රාමනායක)
සයිටම් අහෝසි සයිටම් අහෝසි කරන ලෙසට රජයට බලකරමින් සයිටම් විරෝධී සිසු ජනපවුර ලබන 9වැනිදා කොළඹ දී දැවැත්ත විරෝධතාවක් කි‍්‍රයාත්මක කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අද(7) ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාස ආරම්භ කර තිබියදී ඒ පිළිබඳ නොතකා මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට රජය පියවර නොගැනීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කළ බවද ඔහු කීවේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුව , අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය යන ශිෂ්‍ය ව්‍යාපාර වලට සමගාමීව වෘත්තිය සමිති, බහුජන කි්රයාකාරිකයින්, සිවිල් සංවිධාන, කලාකරුවන්, දෙමාපියන්, සියලූ දෙනා මෙම විරෝධතාවට සම්බන්ධ වන බවත් ඒ සඳහා අධ්‍යපානය සෞඛ්‍ය විකිණීමේ රජයේ ප්‍රතිපත්තියට විරුද්ධව වන සියලූ දෙනාට කොළඹට පැමිණෙන ලෙසත් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට වෙන වැඩ තියනවා. ඔගොල්ලොම කරගන්න. ඔයාලා හැමදාම පාරේ ඉන්න කාලය කන පිරිසක් නේද
හැමදේම නිකන් ලැබෙනකොට නිදහස් අධ්‍යාපනය කියන්නේ මම විතරයි ඉගෙන ගන්න ඕන කියලා අර්ථ නිරූපනය වෙලා. මේක සයිටම් ප්‍රශ්නයක් නෙවෙයි. කවුරුන් හෝ අධ්‍යාපනයක් ලැබීම ගැන ඇති කුහකකම. කොළඹ විතරක් විශාල සංඛ්‍යාවක් සිසුන්ට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය අහිමි වෙනවා. ප්‍රධාන නගර වලින් ටියුෂන් අරන් අඩු ලකුණු සහිතව පිට පළාත් වල සිසුන් කී දෙනෙක් සරසවියට එනවාද ? මේ කුහකකම් ඔක්කොම ඔය හීනමාන කාරයෝ ළඟ විතරයි . දැන් මේ රජයේ වෛද්‍ය සිසුන්ගේ අනාගත දරුවෙක් ලකුණක් දෙකක් මදි වෙලා සරසවියට යාගන්න බැරි වුනොත් , කුඹුරු කොටන්න යවනවාද ? නැහැනේ. පුද්ගලික වියදමක් කරලා හරි පිටරට යවාවි ඉගෙනගන්න.
සරසවි පරිපාලනයයි, රටේ පාලනයයි, ඔක්කොම මේ කුහක දෙමව්පිය නඩේටම භාර දෙමු. වෛද්‍ය වෘත්තීය කියන්නේ දියුණු රටවල අවුරුදු පතා බලපත්‍ර අලුත් කළ යුතු තවත් එක වෘත්තියක් විතරයි. ඕක ඔලුව උඩින් තියාගෙන රට පෙරලන්න හදන මේ මිනිස්සු අන්තිම මොහොතේ කුහක සිතින් මැරිලා යාවි. එච්චරයි.
රජය සියලු පාර්ශව වලට සාධාරණ විසඳුමක් ලබාදීල තියෙද්දී මස් රාත්තලම ඉල්ලා සිටින ශයිලොක්ලා තමයි දැන් තියෙන ප්රශ්නය. ඔවුන්ට මිනියක් අවශ්‍යමනම් ඔවුන් ඉල්ලනදේ ලැබුනාවේ.
ඩීල් ලන්තයේ හොදම සයිට්ම් ඩීල් එක
මේ කරන්නේ ජවිපෙ හා පෙරටුගාමී මතය සරසවි සිසුන්ලවා කරව ගැනීම තම. මේ අයට ලංකාවෙන්ම ඡන්ද තියෙන්නේ ඉතාම අල්ප ගණනක්. රජයට පවරගන්න ලෙස ඉල්ලීම මේ සුලුපිරිසකගේ ඝෝශාවකි.සැබෑ ජනමතය නොවෙයි. දැනට යෝජිත වැඩපිළිවෙල නොබියව කළයුතුයි. පුලුවන්නම් ජවිපෙ හා පෙරටුගාමී අය ඡන්දෙන් බලයට ඇවිත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවානම් එහි ගැටළුවක් නැතිබව දන්වමි.
අපිත් සෞඛ්‍ය විකුණනවට විරුද්ධයි.. දොස්තරලගේ චැනෙල් ප්‍රැක්ටිස් තහනම් කරන්න.
ත්‍රස්තවාදී සැක කරුවනුත් උපවාසයක් කරනවා නේද ? එතකොට ඔවුන්ගේ ඉල්ලීම් ආන්ඩුව දෙන්නේ නෑනේ. මේකත් එහෙමයි . උපවාසය තහනම් කරන්න.
වර්තමාන ජනාධිපතිකම ලහිරු වීරසේකරට බාරෙදන්න.
ඔක්කොම තියෙන්නේ " දැවැන්ත" "අඛණ්ඩ" , "මාරාන්තික" රංගනයන්. ලේසි පාසු ඒවා එහෙම නෙවෙයි. එහෙන් කට්ටියක් රට කැබලි වලට කඩන ව්‍යවස්තාවක් ගේන්න හදනවා. තව පැත්තකින් රටේ මහබැංකුව මහා දවල් මංකොල්ල කාලා ප්‍රකෝටි ගණනක් රටට අහිමි කලා. තව කට්ටියක් රටේ සම්පත් හිතේ හැටියට මංකොල්ල කනවා. තව කෙනෙක් විල්පත්තුව විනාශ කරනවා. එයාගේම මිනිස්සු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරනවා. හිටපු කට්ටිය රටේ සම්පත් සූරා කාලා හපය තියලා ගියා. පෞද්ගලික රෝහල් වලින් චැනල් සෙන්ටර් වලින් මහා ජනයාව හිතේ හැටියට සූරා කනවා. දොස්තරලා නිදහස් අධ්‍යාපනය පිහිටෙන් තැනකට ඇවිල්ලා බෙහෙත් සමාගම් වලින් අල්ලස් අරන් වැඩිමිලට බෙහෙත් දුප්පත් රෝගීන්ට නියම කරනවා. මේ දහදුරා අසමජ්ජාති එක වැඩකටවත් කට අරින්න බය දේශපාලන හෙන්චයියන් ඉදිරියට දමමින් අර ඉගෙනගන්න හදන කොල්ලෝ කෙල්ලෝ ටිකකට ඉරිසියාවෙන් සහ කුහක කමින් විරෝධතා පවත්වනවා. මේ රටේ පාලකයෝ කියලා කියන කට්ටියට කොන්දක් ඇත්තෙම නැද්ද? රට අවුල් කරන මේ අයට නිසි දඬුවම් දෙන්න.