ලොරියක් පෙරලීමෙන් දක්ෂිණ අධිවේගයේ වාහන පෝලිමක් කුඩාවැල්ලේ සිට පෑලියගොඩට මාළු ගෙන ගිය ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර පෙරළීමෙන් වාහන ගමණාගමනයට බාධා සිදු විය. 06 August 2017
මන්ත්‍රීවරු 15ක් ලබන සතියේ චීන සංචාරයක මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමතක් එළැඹෙන සතියේදී චීනයේ නිල සංචාරයක නිරත වන බව ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල් ( ඒ.එන්.අයි )පුවත් සේවය අද (06) වාර්තා කළේය. 06 August 2017
ජල ගාස්තු සංශෝධනයක් අතළඟ වසර පහක කාලයකදී ජල ගාස්තු සංශෝධනයක් සිදු වී නොමැති නිසා ඉදිරියේ දී අනිවාර්යෙන්ම ජල ගාස්තු වැඩි වීමක් සිදු කිරීමට සිදු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද (06) මාතරදී පැවසීය. 06 August 2017
ලක්ෂ 20ක රන් සමඟ ඉන්දියානුවන් දෙදෙනෙක් සැකපිට රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධීව ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය . 06 August 2017
එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා - අගමැති එක්සත් ජාතික පක්ෂයේ හොරුන් ඉන්නවා යැයි පරීක්ෂණවලින් තහවුරු වුවහොත් ඔවුන් ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී අද පැවැසීය. 06 August 2017
මදුරු බිත්තර දියකරන්න බෙහෙතක් ඩෙංගු, බරවා, සීකා සහ චිකුන්ගුන්යා ඇතුළු රෝගවාහක මදුරු බිත්තර සම්පූර්ණයෙන්ම දියකර දැමිය හැකි රසායනික ද්‍රව්‍යයක් නිපදවීමට ගම්පහ, බෙම්මුල්ල පරිසර විද්‍යා ඉංජිනේරුවෙක් සමත් වී තිබේ. 06 August 2017
‘අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ කුමන්ත්‍රණයක් සිදුවුණා‘ - හිටපු ජනපති පසු ගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී සිංගප්පූරුවේ පිහිටි අර්ජුන් මහේන්ද්‍රන්ගෙ නිවසේ කුමන්ත්‍රණයක් සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 06 August 2017
ඩෙංගු බලන්න ආ නිලධාරීන්ට ව්‍යාපාරිකයාගෙන් බාධා හෙම්මාතගම ඩෙංගු මැඩලීමේ වැඩසටහනකට සමගාමීව ඩෙංගු බෝ වන ස්ථාන පරීක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරින්ට අද ( 06 ) ව්‍යාපාරිකයකුගෙන් බධා එල්ල වි 06 August 2017
කාර්-ටිපර් අනතුරෙන් දෙන්නෙක් මරුට කුරුණැගල දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේදී අද (06) මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී එකම පවුලේ පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 06 August 2017
රවීගේ විශ්වාසභංගය ගැන පක්ෂ නායක කතා විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිබඳ ආණ්ඩුව සුදුසු පරිදි තීරණයක් ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි 06 August 2017
ගාල්ල බටුවන්තුඩාව හන්දිය ගිලාබසියි ගාල්ල හපුගල බටුවන්තුඩාව හන්දියේ කොටසක් අද උදෑසන හදිසියේම ගිලා බැසීමෙන් විශාල වළක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයක ඉරි තැලීම් ද දක්නට ලැබිණි. 05 August 2017
නැගෙනහිර සයිබීරියාවේ ජලගැලීමකින් 8 ක් අතුරුදන් රුසියාවේ නැගෙනහිර සයිබීරියා පළාතේ මිර් නමින් හැඳින්වෙන දියමන්ති ආකරයක ඇතිවූ ජලගැලීමක් හේතුවෙන් අට දෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. 05 August 2017
ස්ටෙන්ට් මිල අඩු කරයි හෘද රෝග සැත්කම් සදහා භාවිතා කරන ස්ටෙන්ට් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 05 August 2017
කටුනායක ගුවන් තොටුපොළෙන් වල්ලපට්ටා තොගයක් හසුවෙයි රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මුම්බායි ඔස්සේ ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී 8/04 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය . 05 August 2017
අයින් වෙන්න - ජනපතිවරයා රවීට කියයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 04 August 2017
සයිටම් නඩුව කල්යයි සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සලකා බැලීම ලබන 10 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 04 August 2017
ලොතරැයි මණ්ඩල පැවරීමට එරෙහි පෙත්සම් කල් යයි මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සලකා බැලීම ලබන ඔක්තෝබර් 30 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 04 August 2017
ෆුල්ෆේස් පෙත්සම ඉල්ලා අස්කරගනී සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් භාවිතා කිරීම තහනම් කිරිමට පොලීසිය ගෙන ඇති තීන්දුවට එරෙහිව පුද්ගලයින් තිදෙනකු ගොනු කළ පෙත්සම එම පෙත්සම්කරුවන් විසින් අද (04) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 04 August 2017
රාජිත හා එස්.බී කොමිසමක් ඉදිරියට ගෙන ආ යුතුයි-වෛද්‍ය සංගමය “ආණ්ඩුව එයාලා බය පුද්ගල ලැයිස්තුවට ලහිරු වීරසේකරගේ නමත් එකතු කරලා තියෙනවා.සයිටම් නාටකය ගැන හොයන්නත් බැඳුම්කර කොමිසම වගේ ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි.ඇමති එස්බී සහ රාජිත එම කොමිසමට ගෙන්වා ප්‍රශ්න කළ යුතුයි.“යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. 04 August 2017
බෝනස් මන්ත්‍රීධූරයක් නිසා උතුරේ අර්බුදයක් උතුරු පළාත් සභාවේ පාලන බලය හිමි දෙමළ ජාතික සන්ධානයට ලැබී ඇති බෝනස් මන්ත්‍රීධූරය සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සිය නියෝජිතයෙකු දෙවන වරටත් පත්කිරීම සන්ධානය තුළ දැඩි අර්බුදයක් ඇතිවීමට හේතු වී ඇතැයි එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපයට පැවසීය. 04 August 2017
අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයෙන් උධෘත 8600ක් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයෙන් මිනිත්තු එකයි තත්පර 09කදී ලබාගත් උධෘත 8600ක් නීතීපති දෙපාර්තමෙන්තුව ලබා ගෙන ඇතැයි ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අද (04) බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. 04 August 2017
‘විද්‍යුත් උපකරණ බාරදීමට සූදානම්‘ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හා ප්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් ඇතුළු සියළුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට බාර දීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා අද (04) කොමිසමට දැනුම් දුන්නේය. 04 August 2017
වසර 9 ක් වසා තිබූ කෝටි 50 ක ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කෙරෙයි වසර නවයක් තිස්සේ වසා දමා තිබු මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (04) විවෘත විය. 04 August 2017
කැලණි පාලමේ දැන්වීම් පුවරුව කැඩුවැයි රියදුරු රිමාන්ඩ් අපරික්ෂාකාරීව රිය ධාවනය කරමින් කැළණි නව පාලම ඉහළින් සවිකර තිබූ විශාල දැන්වීම් පුවරුවක් කඩා දමා මාර්ග තදබදයක් ඇති කළැයි කියන සිද්ධියට අදාළ කන්ටේනර් රථ රියදුරු ලබන 08 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද (04) නියෝග කළේය. 04 August 2017
වැන් රථයක ගැටී සිසුවියක් මරුට ඇහැලියගොඩ - දෙහිඕවිට මාර්ගයේ අල්ගොඩ ප්‍රදේශයේදී අද (04) වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි ශිෂ්‍යාවක යට කර තාප්පයක වැදී නතර වී ඇති අතර එම අනතුරින් ශිෂ්‍යයාව එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 04 August 2017
මොරොන්තුඩුව - බණ්ඩාරගම රන් මාල කොල්ල කෑ 5 ක් දැලේ කුලියට ගත් මෝටර් රථයකින් රන් මාල කොල්ල කෑමේ යෙදුණු කාන්තාවන් හා පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි. 04 August 2017
අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන් වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූවන් සිටින අනුරාධපුර නගරයට බීමට ජලය තිබෙන්නේ තව සති තුනකට පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 04 August 2017
රිමාන්ඩ් බාරයේ සිටි සරසවි සිසුන් 3 ක් ඇප මත මුදා හරි සයිටම් විරෝධි පාගමනක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී රුපියල් ලක්ෂ 8 පමණ පොදු දේපල වලට අලාභ හානි කරන ලදැයි සැකපිට රිමාන්ඩ් බාරයේ පත් කර සිටි විශ්ව විද්‍යාල තිදෙනෙකු ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණය නියම කළේය. 04 August 2017
මාළු වෙළෙඳපොලේ කැන්ටිමේ මාළු කෑම නෑ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාව පවත්වාගෙන යෑම වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 04 August 2017
යාපනයේදී ඝාතනය කළ පොලිස් පරික්ෂකගේ බිරිඳ නැවත පොලිස් සේවයට යාපනය නල්ලුර් ප්‍රදේශයේ දී පසුගිය දා වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය උප පොලිස් පරික්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ නැවත පොලිස් සේවයේ පිහිටවීමට ජාතික පොලිස් කොමිසම අද (4) අනුමැතිය ලබාදී ඇත. 04 August 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026