රංජන් කස්තුරි
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මාරාන්තික උපවාසයක් ආරම්භ කළහොත් ඊට පූර්ණ සහාය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මාලබේ සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලට උපරිම සහාය ලබා දෙන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වී එම තීරණය ගත් බව ද ලේකම්වරයා කීවේය. සයිටම් ආයතනය රාජ්‍ය ව්‍යූහයකට යටත් විය යුතුය යන ස්ථාවරයට මධ්‍යම කාරක සභාවේ එකඟතාවය පළ වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට විකාර... මේ අය දේශ ද්‍රෝහීන්....
අයියෝ ජී.එම්.ඕ.ඒ මොකක්දඑ? මේ විලි ලජ්ජා නැති කතා !
මාරාන්තික උපවාසවල් වලට සහයෝගය දෙන දොස්තරලා ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති......!!! (දොස්තරලා දිව්රුම් දෙන්නේ මොනවා කියලද?) දොස්තරලා බස්කොන්දොස්තරලාටත් වඩා පහළට වැටිලා නේද.?
මෙය නොකළ යුතු දෙයක්... සත්‍ය වශයෙන්ම කළොත් අන්ත ප්‍රතිඵළ පිළිබඳ වගකීමටත් ජී.එම්.ඕ.ඒ ..බැඳී සිටිය යුතුය.
ඒ කියන්නේ රෝහල් ගතකලොත් උපවාස කරුවන්ට ප්‍රතිකාර කරන්නේ නැද්ද? ලෝක විහිලු කාරයෝ.
එතකොට හිපොක්රටික් ඕත් එක ?
මිනිස්සුන්ට මැරෙන්න උදව් කරන දොස්තරලා? මේ අයගේ ප්‍රමිතිය බලන්න ඕන ඉස්සෙල්ලාම...
සියදිවි නසා ගන්න උදවු කරන දොස්තර සංගමයකට තිබෙන්නේ ලෝකේ මේක විතර ඇති. මේක දොස්තර සංගමයක් නොවේ ත්‍රස්තවාදී සංගමයක්. තව ටික දවසකින් මරාගෙන මැරෙන ප්රහාරකයොත් එවාවි. මේගොල්ලට ඕන කරලා තිබෙන්නේ රටට ප්‍රමිතියක් ඇති දොස්තරලා බිහිකරන්න නොවේ, රජයේ විශ්ව විද්‍යාලවල සිසුන්ගේ අධ්‍යාපනයත් අවුරුද්දක් දෙකක් පස්සට ඇදල දමලා සයිටම් එකෙන් දොස්තරලා බිහිවෙන එකත් නවත්තල දමලා, අනාගතයේ රටේ දොස්තරලගේ අඩුවක් ඇතිකරලා, හොඳට සල්ලි ගරාගෙන, අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට අරන් වර්ජන කරලා රජයත් බය කරගෙන තව තවත් ඉල්ලීම් දිනාගන්න
මේකෙ පරිවර්තනයක්, නිලධාරි මණ්ඩලයේ නම් සහිතව CNN , BBC ට ඉදිරිපත් කලා.
හිපොක්රිටික් දිවිරුමේ තියෙන්නේ නම් කිසිවෙකුගේ මරණයක් සිදුවීමට ඉඩ නොදෙමි කියලයි. මැරෙන්න සහයෝගය දෙනවා කියන්නෙත් ඒ දිවුරුම දුන්න දොස්තරලාද? කාටවත් මැරෙන්න දොස්තර කෙනෙකුට සහයෝගය දෙන්න පුලුවන්ද? මෙහෙම දෙයක් කියාපු දොස්තර කෙනෙක් ලංකාවෙන් මිසක් ලෝකේ වෙන කොහෙන්වත් හොයාගන්න බැරිවේවි. මේ කියමන නම් ලෝක වාර්තාවක්!
මම මේ පුවත මාගේ ඉතාලි දොස්තර මහතාට කිව්වා. ඔහු ඔලුවේ අත ගහගත්තා. මේ රටේ නම් ඔවැනි ප්‍රකාශයක් වෛද්‍යවරයෙක් කලොත් නඩු දානවා.
එංගලන්තේ වැනි රටවල දොස්තරලා වර්ජන කරන්නේ නැහැ. දොස්තරලා කරන්නේ රැකියාවක් නෙවෙයි සේවයක්. ගන්නේ පඩියක් නෙවෙයි ජිවත් වෙන්න දීමනාවක්. ඒ එහෙ මේ මෙහෙ ඒකයි වෙනස. එංගලන්තේ ගිහින් තියෙන කෙනෙකුගෙන් මේක කියවන අය අහල බලන්න මම ලියපු දේ පිළිගන්න අකමැති නම්.
මැරියල්ල මැරියල්ල ඉක්මනට. මම ජයරත්න.
පිටිගල මිලානෝ මහතාගේ සහ රෝහණ මහතගේ අදහස් මමත් අනුමත කරමින් , මගේ මිත්‍ර ජෙර්මන් ජාතික දොස්තර මහතෙකුට මේක කිවුවහම ඔහු අහනවා මේ දොස්තරලා පොලිසියෙන් අත්අඩංගුවට නොගන්නේ මොකද කියල
"මාරාන්තික උපවාසයට වෛද්‍ය සංගමයේ සහාය" උපවාස ලෙඩේ තදවෙලා ඉස්පිපිතාලය අවොත් බෙහෙත් දෙන්නේ නැතිලු. බෙහෙත් දුන්නොත් මරාතික උපවාසය කැඩෙන නිසා.
මාරාන්තික උපවාසයට වෛද්‍ය සංගමයේ සහාය දෙන්නේ පශ්චාත් මරණ පරික්ෂණය පවත් වන්න වෙන්ට ඇති.
වැහි කාලයේ නිල් තණකොළ පෙනෙනවිට කුලප්පු වෙන සත්ව විශේෂයක් ඉන්නවා. මී හරක් එල හරක් ඒ වර්ගයට අයිතියි. මේ ගොල්ල ඒ දෙගොල්ල මුහු වීමෙන් පරිනාම වූ පිරිසක්.
GMOA එක සහය දෙනවා නම්, එම සංගමයේ විධායකයින් දිගටම මුළු සතියක් පැය 24ම අට්ටලේ උඩට වෙලා ඉඳල පෙන්නන්න. බොරු ටෝක් නැතුව කරලා පෙන්නන්න.