ඇතිවී තිබෙන පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව අද(7) සිට අදාළ ඉන්ධන හිඟය යථා තත්ත්වයට පත්කරන තුරු ඉන්ධන පිරවුම්හල්වලින් වාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීමට තීරණය කර ඇත. මේ අනුව බෝතල්, කෑන් හා වෙනත් පිරවුම් උපකරණවලට තෙල් නිකුත් නොකරන බවත් ඒ සඳහා වාහනයක් රැගෙන යාම අනිවාර්ය බවත් කියති.
මේ අතර එම ක්‍රියාමාර්ගයට තම විරෝධය පළ කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇත.
ඉන්ධන නොමැතිව අතරමග නවතින වාහන හා යතුරුපැදි සඳහා පෙට්‍රල් ලබාගැනීමේදී එවන් චක්‍රලේඛයක් මගින් වියවුල් තත්ත්වයක් මතුවන බවත් විදුලි ජනන යන්ත්‍ර, දිනපතා භාවිත කෙරෙන විවිධ කාර්මික උපකරණ සඳහා ඉන්ධන ලබාගැනීමේදී මෙය මහත් ගැටළුවක් බවත් එම සංගමය පෙන්වා දෙයි.
මෙවැනි අත්‍යවශ්‍ය සේවාවක් සීමා කිරීමකට ලක් කිරීම ගැටලුවක් බවත් එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් තම ලිපියෙන් පෙන්වා දෙන සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස ද ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තියන වාහනයෙ පෙට්‍රල් තියෙන්නෙ අඩියේ . සෙඩ් එකකට ගෙනියන්න බයයි , මොන සෙඩ්එ කේ තියෙයිද දන්නෙත් නැති නිසා . පෝලිමේ පැය ගාණක් ඉන්න කොට නිකං ම පෙට්‍රල් ඉවර වෙනවා. කෑන් එකක් අරගෙන ගිහිල්ල අරගෙන එන එක තමයි එකම විකල්පය . ඔය චක්‍ර ලේඛනය හරිම අසාධාරණයි .
පහුගිය දවස්වල තෙල් නැතුව නතර වෙච්ච වාහන වලට කරේ තියන් ඇවිල්ල තෙල් ගහන්න ද කියන්නේ
පෙට්‍රල් ටිකක් දීගන්න බැරිකොට මොන ව්‍යවස්ථාද .අයවැයත් එයි නිකන් සුරංගනා ලෝකෙන් පාත් වෙච්ච් එකක් වගේ.ඉන්දියාවට තව දීපල්ලා .තෙල් ටැංකි 80 වක් විතර තිරිකුණාමලේ තියාගෙන එක නැවක් පරක්කු උනොත් පෝලිමේ ඉඳල තෙල් ගන්න වෙන එක ගැන මහරජ්ජුරුවෝ පත්තරෙන් හරි දැනගනී නේ...
එතකොට මග නැවතුන වාහනවලට මොකද වෙන්නේ?
මහජන බදු මුදල් වලින් වැටුප් හා දීමනා ලබන ඇමති සහ නිලධාරීන්ගේ අකාර්්‍යක්‍ෂමතාව හේතුවෙන් තම වාහනය ඉන්ධන නොමැතිව මහපාරේ නතරවු විට බෝතලයකට හෝ කෑන් එකකට හැර ඉන්ධන ගෙනයාම හැර වෙන විකල්පයක් තිබේද? තමන්ගේ වැරැද්දෙන් මහජනයාගේ වාහන මග නතර වූවිට ඔවුන්ට තවත් පීඩා කිරීම කොතරම් සාධාරණද? ඉන්ධන බෝතලයකට හෝ කෑන් එකකට නිකුත් කිරීම තුලින් වංචාවක් වේනම් එයට පිළිතුර මහජනයා තවත් අසරණ කිරීමද?
මගේ රස්සාව කුලියට තණකොළ කපන එක. ගෙදර ළමයි, බිරිද කන්නේ ඒකෙන් හම්බකරන තුට්ටු දෙකෙන්. තණකොළ මැසිම අරන් පැයෙන් පැයට පෝලිමට එන්ඩද කියන්නේ?
කාර්එක ගේන්න බෑ තෙල් නැතුව නැවතිලා තියෙන්නේ.
"වාහනවලට මිස වෙනත් උපකරණ වලට පෙට්‍රල් ගැසීම නීති විරෝධී බිවද ඇමැතිවරයා කීය"
එතකොට තෙල් ඇත්තෙම නැති වාහන වලට තෙල් ගහන්නෙ කොහොමද..?
කළු කඩ ගන්නට බෝතල් වල පෙට්‍රල් විකුනනන් එක නවත්වන්න වෙන්න ඕනා මේ නීතිය ගෙනාවේ. බෝතල් වලට තිය වාහන වලට ගහන්න වත් ගොඩක් තැන වල පෙට්‍රල් නැති නිසා, මේක එච්චර ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ. කඩිනමින් ඉන්ධන හල වලට පෙට්‍රල් ලබාදෙන එක තමයි එකම විසඳුම
ඔහොම ගිහිල්ල ආහාර හිඟයකුත් ආව දවසට කියාවි හාල් ගන්නනම් ගෙදර බත්කන ඔක්කොම කඩේට එන්න ඕන කියල.
“තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් නැවක් නොවැම්බර් 02-03 මේ රටට ගෙන්වීමට තිබුණා. අද වන විට එය දින 06 ක් පසු වෙලයි එය මේ රටට එන්නේ. සාමාන්‍යයෙන් ඉතිහාසයේ කිසිම දවසක පෙට්‍රල් නැවක් මේ තරම් දින ගණනක් ප්‍රමාද වී නැහැ.“ -අර්ජුන රණතුංග මේ රටේ ඉන්නේ මෝඩයන් යයි සිතා ඔහු මෙසේ පවසා ඇත. එලෙස එම නැව ප්‍රමාද කෙළේ කව්දැයි ඔහු කිව යුතුය. මේ හාදයා අපට කියන්නේ නැව් ප්‍රයිවේට් බස් වගේ මග කොට කොටා එන විට ප්‍රමාද වනවා කියා විය යුතුය. මෙය රණතුංගලා සහ දූෂිත නිලධාරීන් එක්ව හැදූ කෘතිම තෙල් හිඟයක් බව මොනවට පැහැදිලියි