(නිමන්ති රණසිංහ)
පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමය තුළ අධික ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත කරමින් විවිධ තැටි ප‍්‍රචාරය කිරීමෙන් මහජන පීඩාවක් ඇතිවන බවට චෝදනා ලැබ සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 05 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (06) තීරණය කළාය.
මෙම සිද්ධියට අදාළව පැමිනිල්ල විසින් සමථයක් සදහා කැමැත්ත පල කර සිටින බවට එහි නිතීඥවරුන් අධිකරණයට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළද මෙතෙක් දෙපාර්ශ්වයේ ම සමථයක් නොමැති බැවින් ලබන ජනවාරි මස සිට නඩුව දිගටම විභාග කිරීම සඳහා මෙලෙස නඩුව කල් තැබීය.
ඒ අනුව ලබන ජනවාරි 5 වැනිදා ලබන පෙබරවාරි මස 12 වැනිදා සහ මාර්තු මස 15 වැනිදා යන දිනයන් හිදී මෙම නඩුව විභාගයට ගනු ලබන බවට අධිකරණය විසින් දින නියම කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර හාමුදුරුවනේ අපි සමථයකට යන්න අවශ්‍ය නැත. අපගේ ආගමික වැඩසටහන් දිගටම කරමු. ශබ්ද විකාශනය පන්සලට පමණක් සීමාකරමු. බුදුසරණයි !
දෙගොල්ලන්ගේම කරච්චල් නැවත්තුවොත් යහපති, සමහරු දවසට 5 පාරයි.. අනිත් අය පැය 24ම. කාටවත් පලක් නෑ.. ශබ්ද දූෂණය පමණයි.
නඩු වැටෙන්නේ පන්සලට විතරයි හාමුදුරුවනේ. පිරිත් අහන්න බැරි, කවි බණ අහන්න බැරි අයට පල්ලියේ යාඥාව අහන්න පුළුවන්, කිතුනු පල්ලියේ මංගල්‍ය දවස් වලට දවස් ගනන් එක දිගට යන ගීතිකා අහන්න පුළුවන්, කෝවිලේ කාවඩි ගීත අහන්න පුළුවන්. එම ආගමික බැතිමතුන්ගේ අයිතිය වගේම බෞද්ධයන්ටත් අයිතියක් තියෙනව. අද බෞද්ධයා සුළුතරය ලෙස ජීවත් කරවන්න පිරිස් ක්‍රියාත්මක වෙනවා.