මදුරන්කුලිය බස් රථ අනතුර සිදුවී රෝගීන් පුත්තලම මූලික රෝහලට ගෙන යන විට එහි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ සේවයේ නොසිටී බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පුත්තලම - කොළඹ පාරේ මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ අද (06) උදෑසන සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබු රෝගීන් 34 දෙනෙක් මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.
මෙම රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් හත් දෙනකු දැනට මිය ගොස් තිබේ.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පිරිසට මෙම ශල්‍ය වෛද්‍යවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය මොහොතක නොලැබීම කණගාටුවට කරුණක් බව තුවාලකරුවෝ පෙන්වා දෙති.
මේ පිළිබදව වැඩ බලන රෝහල් අධිකාරි වෛද්‍ය එම්. නගුලනාදන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මේ පිළිබදව කිසිවක් කිව නොහැකි බවයි.
මේ පිළිබදව පළාත් සෞඛ්‍ය සේවා අධක්ෂක වෛද්‍ය එම් පරීඩ් මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මේ අවස්ථාවේ කළ හැකි උපරිම වෛද්‍ය සත්කාර ඉටු කළ බවත් මෙම අනතුර සිදුවී රෝගීන් රෝහලට ගෙන එන අවස්ථාවේ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා සේවයේ නොසිටීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නා සයිටම් එකට විරුද්ධව උද්ඝෝෂණයට ගිහිල්ලා වෙන්න ඇති.
මේ දෙන්නා අල්ලලා හම ගහන්න ඕනෑ. අහිංසක බස් රියදුරා පව්.
ජීඑම්ඕ එකට කියන්න. හැන්ද තියෙන්නේ එයාල අතේ...
සයිටම් වහමු.චැනල් ගාස්තුව වැඩිකරමු..
සයිටම් විරෝදය වගේ හරියට රෝගී සත්කාර හරියට කරන්න හිතා ගත්තොත් නේද හොද
සයිටම් අහෝසි කල යුත්තේ මෙන්න මේ නිසයි.
මෙන්න මේ හේතුව නිසා තමයි රජයේ මෙන්ම පුද්ගලික විශ්ව විද්‍යාල තුලින් රටේ ඉන්න වෛද්‍යවරුන්ගේ සැපයුම වැඩි කල යුත්තේ. ඇයි වෛද්‍ය එම්. නගුලනාදන්ට මේ ගැන මේ පිළිබඳව කිසිවක් කිව නොහැකි? එයාට මොකක් හරි කියන්න බැරි කාරණයක් තිබෙනවද?
දෙන්නා ශුවර් එකටම හොස්පිටල් එක ඉදිරියෙන් තියෙන බාලසූරිය එකේ.. නැත්නම් සූරිය එකේ
කෝ අර පාදෙණිය මහත්තයා... එයා මොකද දැන් කියන්නේ?
ප්‍රමිතිය ඇති දෙදෙනෙක් වෙන්න ඇති.. බස් රියදුරත් ප්‍රමිතිය වැඩි නිසානේ මෙහෙම යන්න ඇත්තේ
කෝ අර රෝගීන්ගේ සුබසාධනය වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා කියන GOMA එකේ දොස්තරලා සෙට් එක????
පිනට ඉගෙනගත්තු නිසා වෙන්නැති මිනිස්සුන්ට ප්‍රතිකාර නොකර චැනල් වලට යන්නේ.
ඒ දෙන්න ළඟ තියෙන ප්‍රයිවට් එකේ ඉන්න ඇති, ගොඩක් මහා රෝහල්වල විශේෂඥ දොස්තරලා රාජකාරි වෙලාවේ නෑ. හදිසියක් නම් කෝල් කරන්න කියල SHO ලට බාරදීල පුද්ගලික සේවයේ. මේවා ගැන කතාකරන GMOA එකක් නෑ .
පුද්ගලික ප්‍රතිකාර කරලා සල්ලි ගරන්න හොදයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නරකයි. කුහකකම සහ ඉරිසියාව හැර වෙන මොනවද?
සයිටම් එකට විරුද්ධවෙන හොර දොස්තරලා තමන්ගේ රාජකාරිය හරියටම කරනවාද? ප්‍රේමදාසගේ අගය අද අපිට වැඩියෙන් දැනෙනවා මේ අයට ගන්න තීරණය එතුමා හැර පඹයෝ දන්නේ නැහැ.......
සයිටම් කතා මෙතන වෑඩක් නෑ උදේ 8-4 දක්වා කාලයෙදි අනිවාර්යයෙන් නිවාඩු නැත්නම් රොහලේ රෑදි සිට්ය යුතුය, ශල්‍ය වෛද්‍යවරු දෙදෙනාටම එකවර නිවාඩු ගත නොහැක, මෙහි රොගින් ගෙනා වෙලාවන් සදහන් වෙන්නේ නෑ, සිද්දියට අනුව මෙම රොගින් ගෙනවිත් ඈත්තේ පාන්දර , කිසිම රොහලක් මෙසේ සිදුවිය යුතු නැහැ.