මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගියදා රජය විසින් නිකුත් කරන ලද විසඳුම් මාලාව මගින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට තුළ අඛණ්ඩව කරගෙන යාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් අගය කරන බව සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් පවසයි.
එය රටේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස රටේ අනාගතය ගැන කල්පනා කරගත් දූරදර්ශී පියවරක් බවත් එම ලිපියේ සඳහන් කරන සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එමගින් වැඩිදුරටත් කියා සිටින්නේ පසුගිය කාලයේ තමන්ට ඇති කළ විවිධ බලපෑම් නිසා තම අධ්‍යයන කාලය නිරපරාදේ දීර්ඝ වී ඇති බවත් වසර 6ක වෛද්‍ය අධ්‍යාපනයකින් පසු ආරම්භ කිරීමට තිබූ සීමාවාසික පුහුණුව වසර 9කට ආසන්න කාලයක් ප්‍රමාදවී ඇති බවත්ය. එබැවින් රජයේ විසඳුම් මාලාව වහා ක්‍රියාත්මක කිරීමට කාලය එළැඹ ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
අදාළ වාර්තාවේ දැක්වෙන සෑම කරුණක්ම ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට ඍජු හෝ වක්‍ර බලපෑමක් ඇති කරන බවත් ප්‍රධාන අගතියට පත් පාර්ශ්වය ලෙස සයිටම් සිසුන්ට මූලික කරගෙන ක්‍රියාත්මක කරන්නට යන විසඳුම සඳහා තම අදහස් ලබාගැනීම වැදගත් බවද එම ලිපිය මගින් පෙන්වා දෙන අතර ඒ සඳහා සයිටම් වෛද්‍ය සිසුන් වන තමන්ට ජනපති මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.
සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ශානක ද සේරම් ගේ අත්සනින් යුතුව අදාළ ලිපිය ජනපතිට යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීමාවාසික පුහුණුවට හරස්කපන ගමන් දොස්තර සංගමය කොහොමද මේ සිසුන්ගෙන් උසස් ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්නේ? ජනාධිපතිතුමා දැන්වත් කෙලින් තීරණයක් ගත යුතුයි. දීල තිබෙන විසඳුම් මාලාවට හරස් කපන, පුද්ගලයන්ට විරුද්ධව දැඩි පියවර ගතයුතු අතර දේශනවලට සහභාගී නොවන රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ක්‍රියා කල යුතුය.
සහතිකේ දොස්තර වුණාට දොස්තර කෙනෙක් වෙන්න බැහැ. ඔයාලා වෙදකම් කරන්නේ ලෝකයේ වටිනාම සත්වයාට මිනිසෙකුට බෙහෙතක් දෙන්න නියම කරන්න මොනතරම් වගකීමක් තියෙන කාර්යයක්ද? කෝ ඔයාලාට අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව පුහුණුවක්ද? නියමිත සායනික පුහුණුවක් අනික මේක දුවන්නේ අපේ බදුමුදල් වලින්... එ්කත් දැන් එළියට ඇවිත් නෙවිල් ප්‍රනාන්දු කියන්නේ වල පයයි, ගොඩ පයයි තියන් ඉන්න කෙනෙක් වෙලත් එහෙම පිටින්ම තක්කඩියෙක්, හොරෙක්... මේ වගේ අයගේ ආයතනවල කොහෙද ප්‍රමිතිය පිළිබඳව සහතිකයක්. කිසිසේත්ම ඔයාලට නැවත මුල සිටම ඉගෙන ගන්න වෙනවා.
වන් ශ්‍රී ලංකන්, ජූඩ්, අතුල, සයිටම් ප්‍රශ්නෙට ඔය නිදි මරුවා ඇති. දැන් ගෙදර ගිහින් හොඳට දොයිය ගන්න.