සයිටම් ගැටළුව සම්බන්ධයෙන් වූ අවසන් තීරණයේ ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් නව කමිටුවක් පත් කිරීමට ජනපතිවරයා තීරණය කර ඇත.
මාලබේ සයිටම් ආයතනය වෛද්‍ය උපාධිය පිරිනැමීම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට ජනපතිවරයා විසින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධාන්වයෙන් යුතුව පත් කරනු ලැබූ කමිටුව විසින් ලබාදුන් තීරණය සම්බන්ධයෙන් වූ ගැටළු මෙහිදි සාකච්ඡා කෙරේ
එම කමිටුවේ සභාපතිත්වය නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් දරනු ලබන අතර ඊට අදාළ පාර්ශ්ව නියෝජනය කරන නව දෙනෙක් පත් කරනු ලැබ සිටිති.
එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සහ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගම් නියෝජනය වන පරිදි තිදෙනකුගෙන් යුත් අධීක්ෂණ කමිටුවක් ද පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා කමිටු පත්කර කාලය නාස්ති කරන්න එපා දරුවන්ගේ අනාගතය පිළිබඳ (සයිටම්, රජයේ, පිටරට ඉගෙනුම ලබන) දෙමාපියන් ඉන්නේ දැඩි පීඩනයක... එ්ක ඔප්පු වෙනවා.. ජීවිතේ පූජාකර හෝ මෙම ප්‍රශ්නයට විසඳුම් හොයන එකෙන්ම... බොරු වැඩකර ජනතාව රවටන්න එපා. අපට දේශපාලන බේදයක් නැත. බලයට එන්න කලින් හැම එකම එකයි කියන එක හැමෝගේම මතයයි. සයිටම් වස සියලුම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න සිරිසේන මහත්තයෝ... අපිව තවත් පීඩනයකට පත්කරන්න එපා...එපා... අපි දැන් හෙම්බත් වෙලා. තමුන්ලා චූන් එකේ කොමිසම් පත් කර ඉන්නකල් මර මර ඉන්නවා.
මහින්ද මහත්තයා හිටියානම් ඔය ප්‍රශ්නේ මෙලහකට ඉවර කරලා.
මේක හැම මගුලටම කමිටු දමදමා ඉන්නවා මිසක් කිසිම දෙයකට විසඳුම් නැහැ..
බොරු වැඩ.... නියම විසඳුම රජයේ වෛද්‍ය ආචාර්යවරු ලස්සනට ලියලා දුන්නනේ... ඒ විසඳුම්වලින් කාටවත් අසාධාරණයක් වෙන්නේ නැති බව පැහැදිලිනේ. බොරුවද බැරිකමද කියලා තේරෙන්නේ නෑ. එක්කෝ දෙකම බොරුවයි බැරිකමයි.
දැන් තියෙන විසඳුම වෙන කිසිවක් නොවේ. ලේ පිපාසයෙන් පෙලෙන පෙරටුගාමී ත්‍රස්තවාදී නායකයින් වහාම අත්අඩංගුවට ගෙන රටෙන් පිටුවහල්කොට ඔහුගේ ඕස්ට්‍රේලියාවේ නිවසට යැවීම. මේ රජය හැමදේම අනාගෙන.